Sandunige Thagga -සඳුනිගෙ තෑග්ග
රු 144.00 රු 180.00
Price Summary
- රු 180.00
- රු 144.00
- 20%
- රු 144.00
- Overall you save රු 36.00 (20%) on this product
Related Products
Recently Viewed
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Madame Liange Diyaniyo – මැඩම් ලියාන්ගේ දියණියෝ
ඇයට සිනාසීමට සිතිණ. ”මම ඔබේ බිරිඳ වීමට කැමතියි. අපි ගුරුවරයයි ගෝලයයි වගේ හිටිය මේ මාස ගාන තිස්සේම මම ඒ ගැන හිතුවා”යි සතුටින් කෑ ගැසීමට ඇයට සිතිණි. ඔහු ශක්තිමත්, වෙනත් අයට වඩා වෙනස්, චීනය අතහැර පැමිණියත් මුල් ගති සිරිත් වෙනස් නොවී ඇති නිසා ඇයට මහා සතුටක් ඇතිවිය. ඔහු චීනය ගැන සිතමින් ඉංග්‍රීසි බස හසුරන්නෙකි. ඇය නිහතමානි ස්වරයෙන් පිළිතුරු දුන්නාය. ”ඔබේ බිරිඳ වෙන එක මට ලොකු ගෞරවයක්”
ඇය පුදුම කරමින් ඔහු තම දකුණත මේසය දිගේ ඈ වෙතට දිගු කළේ ය. ඇගේ දකුණු අත්ල ඔහුගේ අත්ල මත තැබූණි. ඔහුගේ ඇඟිලිවලට ඒ හිරකර ගැනිණි.
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Meki Nam Maha – මේකි නං මහා…
ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප්රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.
There are no reviews yet.