Weight | 215 g |
---|
Sen Bodhu Katha – සෙන් බොදු කතා
රු 600.00 රු 750.00
Price Summary
- රු 750.00
- රු 600.00
- 20%
- රු 600.00
- Overall you save රු 150.00 (20%) on this product
Be the first to review “Sen Bodhu Katha – සෙන් බොදු කතා” Cancel reply
Related Products
UTHPALAWANNA – උත්පලවණ්ණා
උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්‍රතිනිර්මාණය.
Recently Viewed
කුර හඬෙකි වියැකෙන – Kura Handaki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
Maga Digata Janakatha 1 – මඟ දිගට ජනකතා 1
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
The Sword & The Shield (ss) – ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්
ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ඉංග්‍රීසි භාෂාව හසුරන සිසුන් සඳහා විශේෂයෙන් පිළියෙල කර උසස් අධ්‍යාපනයෙහි නියැලෙන විද්‍යාර්ථින්ට, පාසැල් සිසුන්ට මෙන්ම සිංහල උගත් වැඩිහිටි ප්‍රජාවටද බෙහෙවින් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි ස්වයං අධ්‍යනයට අත්වැලකි.
ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනයට අත්වැලක්
Sapekshani – සාපේක්ෂණි
වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.
There are no reviews yet.