Surasa Alphabet Book
රු 120.00 රු 150.00
Price Summary
- රු 150.00
- රු 120.00
- 20%
- රු 120.00
- Overall you save රු 30.00 (20%) on this product
Related Products
Recently Viewed
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක් – Vivasayakathwayata nawa Praveshayak
ව්‍යවසායකත්වය පිළිබඳ සිංහලෙන් ලියැවුණු පොත් ඉතා දුර්ලභ අවධියක පළ කෙරෙන මෙම ග්‍රන්ථය ආධුනික ව්‍යවසායකයන්ට මෙන්ම, එම ක්ෂේත්රයේ නියුතු ප්‍රවීණයන්ට ද එකසේ වැදගත් වන වටිනා කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැකිය.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදීත්, එය පවත්වා ගෙන යාමේදීත්, එය සංවර්ධනාත්මක ඉලක්කයන් කරා යොමු කිරීමේදීත් අනුගමනය කළ යුතු මූලික කටයුතු හා සිද්ධාන්ත පිළිබඳව ඉතා සිත්ගන්නා අයුරින් සරලව විග්රහ කෙරෙන මෙම කෘතිය තත් විෂය පිළිබඳව අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නැණ නුවණ වඩවන අගනා අධ්‍යාපනික ග්රන්ථයකි. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහින දකිමින් සිටින නවකයන්ට හා ව්‍යාපාරයක නියැලී සිටින වෘත්තිකයන්ටද සිය කටයුතු මනාව පරිපාලනය කර, එය නිවැරැදිව හා පහසුවෙන් දියුණුවේ මාවත කරා යොමු කරවන මාහැඟි අත්පොතකි.
ව්‍යවසායකත්වයට අදාළ සමාජ පාරිසරික සහ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳව මනා විදානයක යෙදෙන කතුවරිය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ව්‍යවසායකයකු දායක වන්නේ කෙසේදැයි යන්න නිරවුල්ව හා සරලව පහදා දෙන්නීය.
Senehase Donkaraya – සෙනෙහසේ දෝංකාරය
කුසලතාවයෙන් දිදුලන අව්‍යාජ පිරිපුන් නවකතාවක් ලෙසින් විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඩී .ඒ ලොරෙන්ස්ගේ ‘Son’s and lovers’ කෘතියේ සින්හලානුවදනයයි . ගල් අඟුරු පතල් කම්කරුවන් ඇතුළු වැඩ කරන පන්තියේ යතාර්ථය පිළිබිඹු කෙරෙන මිනිස් හද පතුලේ සැබෑ හැංගීම්වල සංකීර්ණත්වය නිරූපිත කෘතියකි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Hada Dora Yathuru – හද දොර යතුරු
විවාහක යුවලක් තම තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික අරුමැසියන් ඉතා විවෘතව තම දිනපොත්වල සටහන් කරති. අනතුරුව ඒවා සඟවා තබති. එසේ සඟවා තබන්නේ කොයි මොහොතක හෝ තම සැමියාට හෝ බිරිඳට තමාගේ දිනපොත කියවන්ට ලැබේවායි යන ගුප්ත ප්‍රාර්ථනා සහිතවය.
ලිංගික බෙලහීනත්වය නිසා ඇතිවෙන බියසුළු බව හේතුවෙන් මුහුණපාන්නට වන ව්‍යාධිමය තත්ත්වයන් හේතුකොට ඛේදනීය තත්ත්වයට පත්වන තම බිරිඳට බෙහෙවින් ආදරය කරනා මැදි වයසේ පිරිමියෙක් හා ඔහුගේ බිරිඳ වටා මෙම කතාව ගෙතී ඇත.
සම්ප්‍රදායානුකූලව හැදී වැඩුණු; තම අවයාජ හැඟීම් සිය ස්වාමිපුරුෂයාට පවා අනාවරණය නොකරන බිරිඳගේ හැගීම් පුබුදුවාලීමට සිය ජීවිත කාලය පුරාම තැත් කළ ද, ඇය ඉදිරියේ ඔහුගේ ලිංගික හැඟීම් විකසිත වන්නේ ඊර්ෂ්‍යාව පාදක කරගත් අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් වීම තුළ ඔවුන්ගේ ජීවිත සංකීර්ණ තත්ත්වයට පත් කෙරෙයි.
There are no reviews yet.