Surasa Gift Voucher 2000LKR
රු 2,000.00
Price Summary
- රු 2,000.00
- රු 2,000.00
- රු 2,000.00
Related Products
Recently Viewed
Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව
වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.
Senehase Donkaraya – සෙනෙහසේ දෝංකාරය
කුසලතාවයෙන් දිදුලන අව්‍යාජ පිරිපුන් නවකතාවක් ලෙසින් විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඩී .ඒ ලොරෙන්ස්ගේ ‘Son’s and lovers’ කෘතියේ සින්හලානුවදනයයි . ගල් අඟුරු පතල් කම්කරුවන් ඇතුළු වැඩ කරන පන්තියේ යතාර්ථය පිළිබිඹු කෙරෙන මිනිස් හද පතුලේ සැබෑ හැංගීම්වල සංකීර්ණත්වය නිරූපිත කෘතියකි.
Ali Dole – – අලි ඩෝලේ
2019 හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ‘අලි ඩෝලේ’ අලි වැට බැඳීම, අලි වෙඩි දැමීම වැනි අසාර්ථක විසඳුම් වෙනුවට, අලි මිනිස් ගැටුමට පාරම්පරික අත්දැකීම් ඔස්සේ සැබෑ විසඳුමක් සොයා යන, යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයක් වටා ගෙතුණු විචිත්‍රවත් කෘතියකි.
Madaran – මඩරන්
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
Dolos Mahe Pahana – දොළොස් මහේ පහන
ප්‍රරවීණ කවීන් තිදෙනෙකුගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණය වසර 41 කට පසු නැවත නව මුහුණුවරකින්.
Theriyum Kokila – තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.
There are no reviews yet.