Weight | 60 g |
---|
Thun Iri Puncha – තුන් ඉරි පුංචා
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Thun Iri Puncha – තුන් ඉරි පුංචා” Cancel reply
Related Products
Recently Viewed
SAKI BARYA – සඛී භාර්යා
සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
Hangi Vihangi – හැංගි විහංගි
නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.
Mahakanadara Neyo – මහකනදරා නෑයෝ
සෙනග කන්දරාව මහ කනදරා බැම්ම මතින් ආපසු ගියහ. එහෙත්, ගල් පාරවල් දෙක තුනක් වහළයට වැදුණි. සරණපාල දොර ජනෙල් වසා දැමීය. සංවේගයත්, කෝපයත් හතරවිළි ලැජ්ජාවත් ඔහුගේ සිතේ පිටු පෙරළවීය. දෙවගනක මෙන් රූ ඇති ගැහැනිය වෙනුවට දැන් ගෙදර සිටින්නී නිකම්ම ගැහැනියකි. සිය දරුවන් වැදූ ගැහැනිය නොවේ. ලෝචනා නොව තමාට අහිමි වූයේ පුංචිනාය. තමා හා එකට දුක බෙදාගත් දයාබර සුන්දර බිරිඳය. ඈ ක්‍රමයෙන් ලෝචනා බවට පත් වූයේ තමාගෙන් ගිලිහී සුද්දාට ළං වෙමිනි. ඉන්පසු ඈ තුළ වූයේ කොළඹ තාලෙට හැඩ ගැසුන අකීකරු බිරිඳකි. තමාට හැකි වූයේ අන්න ඒ දෙවෙනි ගැහැනියයි. ඔහු ආලින්දයට පැමිණ පඩිය මත වාඩි විය.
තමාගේ කබල් බයිසිකලය පිළිකන්නේ දිරාපත්ව යයි. ජීවිතය ද එසේමය. සියල්ල මළකඩ කා දිරාපත් වෙයි. මිනිසුන්ගේ අපහාස සිනාහඬ, ගල් පහරවල් ටික දිනකින් උන්ටම අමතක වනු ඇත.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
There are no reviews yet.