THUN MOLLU (3 Idiots) තුන් මොල්ලු
රු 1,120.00 රු 1,400.00
Price Summary
- රු 1,400.00
- රු 1,120.00
- 20%
- රු 1,120.00
- Overall you save රු 280.00 (20%) on this product
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
| Weight | 450 g |
|---|
Be the first to review “THUN MOLLU (3 Idiots) තුන් මොල්ලු” Cancel reply
Related Products
Texasaye Wedikkaraya – ටෙක්සාසයේ වෙඩික්කාරයා
බැන්ඩීරා හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සීසීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජොනී රාඩාර් නීතිධාරියකුගේ වෙඩි පහරින් මිය යයි. ජොනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමී හැරිසන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්රසිද්ධියේ ජීවත් වෙයි. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොම් රාඩාර් ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු සමඟ තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණෙයි. මෙය අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා රචනා කළ ප්‍රවීණ කතුවර ලූක් ගෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ් කේස් නමැති ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයකි.
BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ
මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.
Bertrams Hotale – බර්ට්රම්ස් හෝටලේ
පොදු මිනිස් චර්යා ධර්මයන් ඉතා සියුම් ලෙස විග්‍රරහ කෙරෙන ලෝ ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටිගේ ත්‍රාසජනක රහස් පරීක්ෂක නවකතාව.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Mission Einstein – මිෂන් අයින්ස්ටයින්
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
Wasantha Kunatuwa – වසන්ත කුණාටුව
වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
105
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
God Father – ගෝඩ්ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
MODAYO MARETHI – මෝඩයෝ මැරෙති
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
Recently Viewed
THUN MOLLU (3 Idiots) තුන් මොල්ලු
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.






























There are no reviews yet.