Weight | 210 g |
---|
Uttharithara Yasodara – උත්තරීතර යශෝදරා
රු 280.00 රු 350.00
Price Summary
- රු 350.00
- රු 280.00
- 20%
- රු 280.00
- Overall you save රු 70.00 (20%) on this product
Be the first to review “Uttharithara Yasodara – උත්තරීතර යශෝදරා” Cancel reply
Related Products
UTHPALAWANNA – උත්පලවණ්ණා
උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්රතිනිර්මාණය.
Recently Viewed
Un Happy Birth Day! – UN හැපි බර්ත් ඩේ
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප්රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි!
‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’
මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ මොහොතේදී පමණි, ඇගේ නෙත් කඳුළින් බර වූයේ. ඇය එවෙලේ මුහුණ දෝතෙහි හොවාගන වැළපුනේ, එම වැළපුම් හඬ පිටතට නොයවන්නට උත්සාහ ගනිමිනි.
දෙවතාවකදී තම දරුවන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳ මුළු ලොවම සැකකළ ගැනියකගේ අනුවේදනිය කතාව “Un හැපි බර්ත් ඩේ!” ඔබව ත්රාසයෙන්, කුතුහලයෙන් හා අනුකම්පාවෙන් මුසපත් කරයි…
මේරි හිගින්ස් ක්ලාක්ගේ තවත් ත්රාසජනක නවකතාවක්….
දීලිප ජයකොඩිගේ පරිවර්තනයක්.
Gamanaka Satahan – ගමනක සටහන්
කුමන වනාන්තරයේ අප රැය ගත කරන්නට තෝරා ගත් තැනට ළඟා වනවිට බිමට කැරුවල වැටෙන්නට පටන් ගෙන තිබිණි. කැලෑවට උඩින් ඉර බැස ගොස් ය. නැගෙනහිර පැත්තෙන් ඇත්තේ මහා සාගාරය ය. උතුරු පැත්තේ සිට ගලා එන කුඹුක්කන් ඔය මුහුදට වැටෙන්නේ, අප රැයෙහි නවතින්නට සැලසුම් කළ තැන සිට මීටර දෙතුන්සියයකට ඔබ්බෙනි. අප සිටින්නේ මිනිස් වාසයෙන් කිලෝමීටර විසිපහකට තිහකට ඈතින් පිහිටි මහ වනයට මායිම් වූ වෙරළ තීරයේ, කුඹුක්කන් ඔය මෝය ආසන්නයේ ය. වනයට තරම් ඉක්මනට වෙරළට කරුවළ නොවැටෙයි.
කෙමෙන් අඳුරු වන්නට පටන් ගෙන ඇති වලා රහිත සැන්දෑ අහසෙහි තරු කැට එක දෙක යාන්තමට දිලිසෙයි. සමාන කාල පරාසයක් තුළ විටින් විට කුඩා රාවණා ප්රදීපාගාරයේ සිට ගිනිකොන පැත්තෙන් විහිදෙන ආලෝකය යාන්තමට පෙනෙන්නට පටන් ගෙනය. බිමට කරුවළ වැටෙන්නට පටන්ගෙන ඇති මෙවන් මොහොතක රැයෙහි නැවතීම සදහා නවාතැන් පොළක් සොයා ගැනීමට වෙනත් තැනකට යා නොහැකි ය. කලකට පෙර දඩයක්කාරයන් විසින් කැලය තුළට වන්නට තනන ලද දිරාගිය ආවරණයක් සහිත සැකිල්ලකින් යුතු බිම් කඩ ශුද්ධ පවිත්ර කොට ගත්තේ, රෑ අහස සකස් කරගන්නට එතැන යොදා ගැනීමට ය. පදුරුවලින් ආවරණය වූ එතැනට මුහුදෙන් හමන දැඩි සුළං නොඑයි. එයට සමීප ව අප පැමිණි ජීප් රථය නවතා, ඉදිරියෙන් වූ විවෘත බිම්කඩ කුඩාරම සවිකරන්නට යොදා ගතිමු.
There are no reviews yet.