Wasa Wasi – වසා වාසි

රු 400.00

20% Off
Close
Price Summary
  • රු 500.00
  • රු 400.00
  • 20%
  • රු 400.00
  • Overall you save රු 100.00 (20%) on this product
In Stock
Highlights:

සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.

Category:
Description
සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.(වරදක් සිදුවී ඇත්නම් නිවැරදි කරන්න)
අතාවුදහෙට්ටි ලේඛකයා විසින් අසංක්ෂිප්ත ව මෙසේ “වසා වාසි” ලෙස පරිවර්තනය වන්නේ වියට්නාමයේ ප්රමුඛ සාහිත්යධරයා වූ “වූ චොංග් ෆුංග්”ගේ “සෝඩාව්” නවකතාවයි.චොංග් ෆුංග් ගේ බොහෝ නිර්මාණ තුළින් ස්පර්ෂ කරන්නේ සමාජය තුළ පවතින අශෝබනත්වය,දූශනය ආදී වූ ප්රපංචයන් ය.ඔහු ඒවා උපහාසාත්මක හා උපදේශාත්මක ලෙස පාඨක සිත් අතර තැන්පත් කරන බවට හොඳම උදාහරණය “වසා වාසි”ය.
“චොංග් ෆුංග්” ජීවත් වන්නේ වියට්නාමය ප්රංශයේ යටත් විජිතයක් බවට පත්ව තිබූ අවසන් කාල පරිච්ඡෙදය තුළය.වියට්නාම් සාහිත්ය තුළ ඔහු විසින් රචිත මෙම කෘතිය එරට පරමෝත්කෘෂ්ට නිර්මාණය සේ සලකණු ලබයි.නමුත් “චොංග් ෆුංග්” ගේ ජීවිත කාලය වසර විසි හතක් තරම් කෙටි වූවකි.1912 ඔක්තෝම්බර් 20 වැනිදා උපත ලද ඔහු 1939 ඔක්තෝම්බර් 13 වැනිදා ජීවිත ගමන අවසන් කරන්නේ ඔහුව පීඩාවට පත් කළ ක්ෂය රෝගය හේතුවෙනි.
“වසා වාසි” නවකතාවේ ප්රධාන චරිතය “සුඅන්” නම් රස්තියාදුකාර තරුණයෙකි.මෙම පාදඩ තරුණයා මුළු රටේම ප්රසිද්ධ ආදර්ශවත් පරමාදර්ශී චරිතය බවට පත්වන ආකාරය මෙහි නිරූපණය වේ.ලාබය හා ආත්මාර්ථය මූලික කොටගෙන ඔහු සිය ජීවිතය පියවරෙන් පියවර තබන අතර ඒ එක් පියවරක් හෝ ඉදිරියට තබන ගාමක බලය ඔහුට ලැබෙන්නේ ඔහු සර්ව සාධාරණ ලෙස උපයා සපයා ගත් දෙයින් නොව.පශ්චාත් යටත් විජිතකරණය හා සමාජ නවීකරණය තුළ සමාජයේ ඉහළ නැගුණු බටහිර ගැති ලුම්පන් සමාජ ප්රතිසංස්කරණ සහ ඒවා ඉදිරියට ගෙන යාමට උත්සුක වන පිටින් පොහොසත් නමුත් දැණුමෙන් දුප්පත් ප්රෝඩාකාරී,සෝබනකාරී මිනිස් ප්රජාව මෙම “සුඅන්”ගේ චරිතයෙන් කතුවරයා සමාජගත කරයි.මෙහිදී ලිංගිකත්වය,විලාසිතා,ආගම වැනි සාධක නූතන ධනවාදයෙහි ආනුභාවයෙන් පත්ව ඇති අභාග්යසම්පන්න උඩුයටිකුරුභාවය කතුවරයා උපහාසාත්මක ලෙස පෙන්වා දේ.
“වසා වාසි” නවකතාව පිළිබඳ විමසීමේදී ප්රධාන කොටම සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ එය පරිවර්තනය කිරීමේදී පරිවර්තකයා යොදාගෙන තිබෙන බුහුටිකමයි.කොටින්ම නවකතාව කියවීමේදී එහි විදේශීය නම් ගම් ආදීය නැත්නම් කියවන පාඨකයාට එය හැඟී යන්නේ දේශීය නවකතාවක් රසවිඳින ආකාරයටමය.අන්තර්ගතයේ භාවිත කරන උපමා,ප්රස්ථාව පිරුළු ආදීය දේශීයත්වට බොහෝ සමීප වන ලෙස රචනා කිරීමට පරිවර්තකයා සමත් වී ඇත.එහෙයින් මෙය බස අතින් නම් බොහෝ හැඩකාර කෘතියකි.
ෆුංග් විසින් “වසා වාසි”ලියූ මුල් අවධියේදී අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවිය.ලුම්පන් සදාචාර සම්පන්න බවට අතුල් පහරක් ලෙස රචනා වූ මෙය සදාචාරාත්මක හේතු පදනම් කරගෙන තහනමට ලක් වූ අතර ඒ හේතුවෙන් ෆුංග්ට නීතිය ඉදිරියේ පෙනී සිටීමට පවා සිදු විය.එම තහනම ඉවත් වන්නේ 1986 වසරේදීය.එනම් ඔහුගේ මරණයටත් බොහෝ කලකට පසුය.පසුකාලීනව මෙම නවකතාවේ සමහර පරිච්ඡේද එරට පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් විය.
මේ අනුව “චොංග් ෆුංග්” වියට්නාමයේ අග්රතම ලේඛකයා බවට පත් කිරීමට ඔහුගේ “වසා වාසි” කෘතිය සමත් වන අතර ඔහු තරම් ප්රතිභාසම්පන්න ලෙස සාහිත්ය තුළ විශාල පරාසයක් විදහා දැක්වීමට සමත් වූ වෙනත් කිසිම ලේඛකයෙකු නූතන වියට්නාම් සාහිත්ය තුළ හමු නොවේ.නවකතාව දිගින් දිගටම කියවාගෙන යාමේදී ඔබ ජීවත් වන අවට පරිසරය තුළ ද “සුඅන්” හා මෙම නවකතාවේ අවශේෂ ප්රධාන චරිත වැනි චරිත බොහෝ ජීවත් වන බව ඔබට පසක් වනු නිසැකය.කෙටියෙන්ම පැවසුවහොත් “වසා වාසි” යනු වත්මන් සමාජ ක්රමය දෙසට එල්ල කරන ලද කැඩපතකි.එතුළින් දිස්වන්නේ මෙම අසංස්කෘතික සමාජ රටාවේ පවතින හෙළුවේ අශෝභනත්වයයි
********************************************************
කෘතිය – වසා වාසි
කතුවරයා – වූ චොංග් ෆුංග්
පරිවර්තනය – සමන් අතාවුදහෙට්ටි
සුරස ප්රකාශනයක්
මිල – රු:500යි.
Additional information
Weight 335 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Wasa Wasi – වසා වාසි”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader