Wasantha Kunatuwa – වසන්ත කුණාටුව
රු 500.00 රු 400.00
20% Off
Close
Price Summary
- රු 500.00
- රු 400.00
- 20%
- රු 400.00
- Overall you save රු 100.00 (20%) on this product
In Stock
Highlights:
වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.
Description
පොත් වසන්තය කළඹවන කුණාටුවක් ද?
පොත් කුණාටුව සනසවන වසන්තයක් ද?
“හායි ඔමචි, තාම කසාද බැඳලා නැද්ද?’ මම හිස හරවා බැලීමි. මැදි වියැති පුද්ගලයෙක් මා අසළට ම පැමිණ හිඳ ගෙන ය. ඔහු එතැන හිඳ ගත් වගක් මට දැනී තිබුණේ නැත. මගේ ඇස් දෙස බලාගත් වන ම ඔහු තම කඩදාසි කෝප්පයෙන් සකෙ උගුරක් බීවේ ය.
‘මම දාහත් වතාවක් කසාද බැඳලා දික්කසාද වෙලා ඉන්නෙ, දැනට තනිකඩ යි,’ මම පිළිතුරු දුන්නෙමි.
ඔහුගේ මුහුණ හුරුපුරුදු ය. එහෙත් කවුරුන් ද කියා සිහියට නගා ගැනීමට නොහැකි ය. මගේ පිළිතුරෙන් ඔහු මුලින් ම ගල් ගැසුණේ ය. දෙවනුව සිනා පෑවේ ය.
‘එහෙනං ඔයා ගත කරලා තියෙන්නෙ අපූරු ජීවිතයක්!’
‘කිසි අපූරුවක් නෑ.’
ඔහුගේ සිනා මුහුණ අතරින් පාසැල් සමයේ ඔහු කෙසේ වී දැ යි හැඟවෙන සේයාවක් මසිතෙහි ඇඳිණි. ඔව්, අප ඉගැනුම ලැබූයේ එක ම පංතියේ ය. තැන්පත් ව සිට සිනා නගද්දී ඔහුගේ මුහුණ වෙනස් වන ආකාරය දැන් මට හොඳින් මතක ය. ඒත් මොකද්ද ඔහුගේ නම? එය මා දිවග ඇත. නමුත් සිහිපත් කර ගත නොහැකි ය.”
*****
Hiromi Kawakami ලියූ Sense No Kaban හෙවත් Strange Weather in Tokyo නම් සම්මානිත ජපන් නවකතාවේ සිංහල පරිවර්තනය
“වසන්ත කුණාටුව”
සමන් අතාවුදහෙට්ටි වෙතින්.
පිටු 282
මිල රුපියල් 500
Additional information
Weight | 300 g |
---|
Reviews (0)
There are no reviews yet.