Yahalu Unapandurai Honda Aththammai – යහළු උණපඳුරයි හොඳ අත්තම්මයි
රු 520.00 රු 650.00
Price Summary
- රු 650.00
- රු 520.00
- 20%
- රු 520.00
- Overall you save රු 130.00 (20%) on this product
Related Products
Ali Dole – – අලි ඩෝලේ
2019 හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ‘අලි ඩෝලේ’ අලි වැට බැඳීම, අලි වෙඩි දැමීම වැනි අසාර්ථක විසඳුම් වෙනුවට, අලි මිනිස් ගැටුමට පාරම්පරික අත්දැකීම් ඔස්සේ සැබෑ විසඳුමක් සොයා යන, යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයක් වටා ගෙතුණු විචිත්‍රවත් කෘතියකි.
Kandauraka Sevane – කඳවුරක සෙවනේ
අසූවේ දශකයේ ආරම්භයේ සරසවි සිසුන් විසින් නොදියුණු ගම් දෙකක් සංවර්ධනය කිරීම උදෙසා කඳවුරු දෙකක ගත කළ අත්දැකීම් අනුසාරයෙන් කළ නිර්මාණ කාර්යයකි. සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් රචිත මෙම නවකතාව එවකට ඇස ගැටුණු එකට කල් ගෙවූ ඇතැම් චරිත කිහිපයක ගතිසොබා එක් එක් චරිතවලට ගොනු කොට ප්‍රබන්ධ කර ඇත.
Andhakaara Meheyuma – අන්ධකාර මෙහෙයුම
ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.
Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස
රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්රාහිත යොවුන් නවකතාවකි.
Recently Viewed
කුර හඬෙකි වියැකෙන – Kura Handaki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’































There are no reviews yet.