දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි.ඔහු මා ද ඔසවා විසි කළේය.ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද , ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය.ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත.එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය.මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
Yakada Silpara – යකඩ සිල්පර
රු 800.00 රු 1,000.00
Price Summary
- රු 1,000.00
- රු 800.00
- 20%
- රු 800.00
- Overall you save රු 200.00 (20%) on this product
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
| Weight | 330 g |
|---|
Be the first to review “Yakada Silpara – යකඩ සිල්පර” Cancel reply
Related Products
KADUWE GEDARA MUHANDIRAM – කඩුවේ ගෙදර මුහන්දිරම් සහ සමාගම
කඩුවේගෙදර වලව්වේ උස්මහත් බිත්ති අතර සැඟවී ගිය පරම්පරා ගණනාවක මහේශාක්‍ය ජීවන වෘත්තාන්ත වසාගත් ලේ සහ කඳුළු.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Recently Viewed
Ata Gehiyan – ඇට ගැහියං
ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ Thinner පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්රන්ථයකි.


































There are no reviews yet.