Showing all 2 results
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි. අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in