Novels

(Showing 193 – 209 products of 209 products)

Show:

Yakada Dholi – යකඩ දෝලි

Highlights:

රණශූර රසකාමියෙකු වූ කාශ්‍යප රජු සිය සීගිරි රාජධානියේ අභිරහස් ලෙනක් තුළ සිය යකඩ දෝලිය වූ මලී සමඟ ආදරය, පේ‍්‍රමය සහ අනුරාගය සමඟින් සදාකාලික ලෙසින් රැකගත් රහස, සියවස් ගණනකට පසු ඇමෙරිකානු යුවතියක වූ කි‍්‍රස්ටින් ඇන්ඩ‍්‍රසන් වෙතින් ලෝකයට නිරාවරණය වෙයි.
එදා කාශ්‍යප රජුගේ යකඩ දෝලියක් වූ මලී තරුණිය ආත්ම ගණනකට පසු කි‍්‍රස්ටින් ලෙසින් පුනර්භවය ලැබුවාද?
රසකාමී රසවතකුගේ විස්මිත රාජධානියක නිර්මාණශීලි නිමැවුම් අතර සැඟවී ගිය පේ‍්‍රමණීය අන්දරයක රසාලිප්ත අභිරමණීය අත්දැකීම් අතර සැරිසරන්න.
දමයන්ති අඹේපිටියගේ කුළුඳුල් නිර්මාණය ‘යකඩ දෝලි’ රසවිඳින්න.

රු 960.00 20% Off

ආර්යා – Arya

Highlights:

මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය.
ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..

රු 1,120.00 20% Off

මරුබිම – Marubima

Highlights:

සිංහල පත්තරේක වැඩ කළත්..
දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන විදිහට වෙනස්වෙන මිනිහෙකුත් නෙවේ.

රු 1,080.00 20% Off

Heufant Preme – හියුෆන්ට් ප්‍රේමේ

Highlights:

එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා… කනකට කරාබුවකුත් දාලා… ඉරිච්ච ඩෙනිමයි… ටී ෂර්ට් එකයි… හං සෙරෙප්පු…
ඌ මේකෙ වැඩ කරන එකෙක් බව ෂානා දැනගත්තෙ බිත්තියෙ පැත්තකින් තිබ්බ ඇඟිලි සලකුණු යන්ත්‍රෙට ඇඟිල්ල ඔබපු නිසා…
ඌ නිකං ෂානා දිහා බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ. ෂානට අපහසුවක් දැනුණ… ඌ ඇතුළට ගියා.
ඊට පස්සෙ ආවා තව එකෙක්… හෑන්ඩ්ලුම් සරමක් ඇඳලා… දිග කුර්තාවක් ඇඳලා… සිගරට් එකකුත් බිබී… ඌත් අරකට ඇඟිල්ල එබුව. ‘ඒ කියන්නෙ ඌත් මේකෙ වැඩකරන එකෙක්.’ ෂානා හිතුවා. ‘යකෝ මුං දැන්ද වැඩට එන්නෙ..?’ ඌත් ෂානා දිහා බැලුවෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. ෂානට ආයෙ අපහසුවක් දැනුණා. ඌත් ඇතුළට ගියා.
ත්‍රී ක්වාටර් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගහගෙන කෙල්ලෙක් ආවා. බත් කෙණ්ඩෙ මකරෙක්. ඇඟිල්ල එබුවා… ෂානා දිහා පුදුමෙන් වගේ බැලුවා… ඇතුළට ගියා.
පිළිගැනීමේ කවුන්ටරේ හිටියෙ කෙල්ලෙක්. ඒකි මෙලෝ සිහියක් නැතුව මොනවද කනවා.
ඊට පස්සෙ ආවෙ කොට කලිසමක් ඇඳලා, රබර් සෙරෙප්පු දෙකක් දාලා, කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවාගත්තු බමුණෙක් වගේ එකෙක්. ඌ නිකං චේ ගුවේරා වගේ රතු තරුවක් තියෙන චේ කැප් එකක් දාගෙන හිටියා. මිනිහත් ඇඟිල්ල එබුවා. ෂානා දිහා අමුතු විදිහට බැලුවා. ඇතුළට යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් ෂානත් එක්ක කතා කළා.
“මල්ලි කාව හරි ඉන්ෂුවරන්ස් කරන්නද?”
ෂානා උඩ බිම බැලුවා. ‘ඉන්ෂුවරන්ස් කරන්න?’ ෂානා හිතුවා.
“මල්ලි මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්ද? කාව හම්බවෙන්නද ආවෙ?”

රු 800.00 20% Off

SIMPLE SIMON- සිම්පල් සයිමන්

Highlights:

නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.

රු 800.00 20% Off

ප්‍රේමසුත්‍ර – Premasutra

Highlights:

‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’

රු 1,120.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader