Weight | 100 g |
---|
Ambana Karalla – අඹන කැරැල්ල
රු 112.50 රු 225.00
Price Summary
- රු 225.00
- රු 112.50
- 50%
- රු 112.50
- Overall you save රු 112.50 (50%) on this product
Be the first to review “Ambana Karalla – අඹන කැරැල්ල” Cancel reply
Related Products
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Recently Viewed
Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
Mona Magulakda Manda – මොන මගුලක්ද මන්දා
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි
There are no reviews yet.