Dangakara Thun Iri Appu – දඟකාර තුන් ඉරි අප්පු
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Related Products
Recently Viewed
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
Vivahakaya – විවාහකයා
2020 ගොඩගේ සම්මානිත හොදම පරිවර්තන කෘතියයි…..
විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්රරබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිඣිමට සමත් වූ ඞී.එච්. ලෝරන්ස් නව මං සෙවීමෙහි පුරෝගාමී වූ පෙරළිකාර චරිතයකි. ගතානුගතිකත්වයට හා සමාජ සම්මුතීන්ට පිටුපා යමින් තම ජීවන දෘෂ්ටිය සිය නිර්මාණවල චරිතානුසාරයෙන් අභීතවත්, අදීනවත් ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් ඔහුට නොයෙකුත් තහංචි සහ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. නොබියව අදහස් පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්රයේ නිම් වළලූ පුලුල් කිදීමට පෙරමුණ ගත් ලේඛකයන් කීප දෙනා අත˙න් කැපී පෙනෙන ච˙තයක් ලෙසින් ඔහු ඉතිහාසයට එක් වූයේ ඉමහත් ආන්දෝලනාත්මක නිර්මාණ විශ්ව සාහිත්‍යයට මුදාහරිමිනි. ‘විවාහකයා’ කෘතිය තුළින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‍ය තොරතුරු මෙන්ම ඔහුගේ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිබන්ධයන්ගේ චරිත විකාශනය පිළිබඳව ද මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් පාඨකයා ඉදිරියේ නිරාවරණය වෙයි.
Danga Pancha Emilge Thawath Danga Wada – දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ
ළමා මනස සතුට, විනෝදය, සන්ත්රාසය හා කුතුහලයෙන්
කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග
කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ
පරිවර්තනයයි.
GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්
සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.
Bala Kama – බල කාම
දේශපාලනයේ තිරය පිටුපස නොපෙනෙන ඇත්ත….
දිනන පරදින පිල තිරණය කරන ඇඩ්වර්ටයිසින්….
ජනාධිපති පුටුවට අගමැති හා විපක්ෂ නායක අතර සීතල යුද්ධයක්….
අවසානයේ දිනුම කාටද?
හිත පුරාම පිරුණු පාරමීගේ ආදරේට පෙරුම්පුරන නිර්වාන්…
රාගයෙන් උමතු වූ සිය ගත සනහාලන්නට නිර්වාන්ව සොයන සෙලීනා….
ගැහැනුන් දෙදෙනෙකු අතර අතරමං වූ හිත කළඹන නාඩිවාක්ය…
මේ සියල්ල අතරේ නිර්වාන් තම ඉරණම සොයාගනීද?
Nuthana Keti Katha Vichara Sanhitha – නූතන කෙටිකතා විචාර සංහිතා
අ.පො.ස උසස් පෙලට නියමිත කෙටි කතා සංග්‍රහය විචාරයට ලක් කරමින් ශිෂ්‍ය ප්‍රජාව තුල ජගත් සාහිත්‍ය පිලිබඳ ඇල්මක් ඇති කිරීමට මෙම ග්‍රන්ථය ඇත පොතකි.
There are no reviews yet.