| Weight | 210 g |
|---|
Diriya Diyaniya – දිරිය දියණිය
රු 1,000.00 රු 1,250.00
Price Summary
- රු 1,250.00
- රු 1,000.00
- 20%
- රු 1,000.00
- Overall you save රු 250.00 (20%) on this product
උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.
Be the first to review “Diriya Diyaniya – දිරිය දියණිය” Cancel reply
Related Products
Yakage Kalliya – යකාගේ කල්ලිය
ලෝකප්‍රකට ජේම්ස් හැඞ්ලි චේස්ගේ One Bright Summer Morning නමැති ත්‍රාසජනක නවකතාවේ සිංහල පරිවර්තනය.
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Dam Pahe Mamiya – දම් පැහැ මමිය
රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
Texasaye Wedikkaraya – ටෙක්සාසයේ වෙඩික්කාරයා
බැන්ඩීරා හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සීසීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජොනී රාඩාර් නීතිධාරියකුගේ වෙඩි පහරින් මිය යයි. ජොනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමී හැරිසන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්රසිද්ධියේ ජීවත් වෙයි. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොම් රාඩාර් ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු සමඟ තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණෙයි. මෙය අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා රචනා කළ ප්‍රවීණ කතුවර ලූක් ගෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ් කේස් නමැති ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයකි.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ
මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.
Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
MODAYO MARETHI – මෝඩයෝ මැරෙති
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
Wasa Wasi – වසා වාසි
සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්‍ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.
Recently Viewed
Diriya Diyaniya – දිරිය දියණිය
උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.
Gamanaka Satahan – ගමනක සටහන්
කුමන වනාන්තරයේ අප රැය ගත කරන්නට තෝරා ගත් තැනට ළඟා වනවිට බිමට කැරුවල වැටෙන්නට පටන් ගෙන තිබිණි. කැලෑවට උඩින් ඉර බැස ගොස් ය. නැගෙනහිර පැත්තෙන් ඇත්තේ මහා සාගාරය ය. උතුරු පැත්තේ සිට ගලා එන කුඹුක්කන් ඔය මුහුදට වැටෙන්නේ, අප රැයෙහි නවතින්නට සැලසුම් කළ තැන සිට මීටර දෙතුන්සියයකට ඔබ්බෙනි. අප සිටින්නේ මිනිස් වාසයෙන් කිලෝමීටර විසිපහකට තිහකට ඈතින් පිහිටි මහ වනයට මායිම් වූ වෙරළ තීරයේ, කුඹුක්කන් ඔය මෝය ආසන්නයේ ය. වනයට තරම් ඉක්මනට වෙරළට කරුවළ නොවැටෙයි.
කෙමෙන් අඳුරු වන්නට පටන් ගෙන ඇති වලා රහිත සැන්දෑ අහසෙහි තරු කැට එක දෙක යාන්තමට දිලිසෙයි. සමාන කාල පරාසයක් තුළ විටින් විට කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට ගිනිකොන පැත්තෙන් විහිදෙන ආලෝකය යාන්තමට පෙනෙන්නට පටන් ගෙනය. බිමට කරුවළ වැටෙන්නට පටන්ගෙන ඇති මෙවන් මොහොතක රැයෙහි නැවතීම සදහා නවාතැන් පොළක් සොයා ගැනීමට වෙනත් තැනකට යා නොහැකි ය. කලකට පෙර දඩයක්කාරයන් විසින් කැලය තුළට වන්නට තනන ලද දිරාගිය ආවරණයක් සහිත සැකිල්ලකින් යුතු බිම් කඩ ශුද්ධ පවිත්‍ර කොට ගත්තේ, රෑ අහස සකස් කරගන්නට එතැන යොදා ගැනීමට ය. පදුරුවලින් ආවරණය වූ එතැනට මුහුදෙන් හමන දැඩි සුළං නොඑයි. එයට සමීප ව අප පැමිණි ජීප් රථය නවතා, ඉදිරියෙන් වූ විවෘත බිම්කඩ කුඩාරම සවිකරන්නට යොදා ගතිමු.
































There are no reviews yet.