Weight | 305 g |
---|
Madaran – මඩරන්
රු 380.00 රු 475.00
Price Summary
- රු 475.00
- රු 380.00
- 20%
- රු 380.00
- Overall you save රු 95.00 (20%) on this product
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
Be the first to review “Madaran – මඩරන්” Cancel reply
Related Products
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Sooriya Kusuma – සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Kala Nadee Gala Basee – කාල නදී ගලා බසියි
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Recently Viewed
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Sansararannyaye Asabada – සංසාරාරණ්‍යයේ අසබඩ
සම්මානනීය සාහිත්‍යධරයාගේ ආන්දෝලනාත්මක නිර්මාණය
ලෙස සැලකෙන, 1998 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ තවත්
සාහිත්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ටතම නවකතාවේ නවතම
මුද්‍රණයයි.
Swarnawanniye Walli Ammala – ස්වර්ණ්වන්නියේ වල්ලි අම්මලා
නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක
නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන
දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.
Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව
වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.
Prema Sandawo 1 – ප්‍රේම සැඳැවෝ 1
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey”නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.
Sathange Diyaniyo – සාතන්ගේ දියණියෝ
දරුණු ලෙස මත්ද්යවලට ඇබ්බැහි වූ ද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූ ද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව රැගත් මුලු මහක් ජර්මනිය කැළඹු ‘Wir Kinder vom Bahn of Zoo’ කෘතියේ පරිවර්තනයයි.
කුර හඬෙකි වියැකෙන – Kura Hadeki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
There are no reviews yet.