| Weight | 525 g |
|---|
Sisilagni – සිසිලාග්නි
රු 520.00 රු 650.00
Price Summary
- රු 650.00
- රු 520.00
- 20%
- රු 520.00
- Overall you save රු 130.00 (20%) on this product
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Be the first to review “Sisilagni – සිසිලාග්නි” Cancel reply
Related Products
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Sooriya Kusuma – සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Guwarnika – ගුවර්නිකා
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Recently Viewed
Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්
දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.

































There are no reviews yet.