Puhul Hora Karen Dane – පුහුල් හොරා කරෙන් දැනේ
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Related Products
Recently Viewed
Heidi – හයිඩි
ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා
පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ
සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා
කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින්
සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Rosemaryta Babek – රෝස්මරිට බබෙක්
තමන් බිහිකළ කුලුදුල් බිලිදා ඉතා සූක්ෂම ලෙසින් පැහැර
ගැනීමට කළ කුමන්ත්රණයක අද්භූත රසය මෙන්ම භීෂණාත්මක අත්දැකීම් කුලුගැන්වෙන ලෙසින් රචිත අමෙරිකානු ලේඛක ඊරා
ලෙවින්ගේ ‘Rosmary’s Baby’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
Sthree Dweshiyage Birinda – ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ
එදිනෙදා සමාජ ජීවිතයේ මතුවන සංසිද්ධින් තේමා කර ගනිමින් ඒ පිළිබඳව ඉතා පුළුල් ලෙසින් විමර්ෂණයට බදුන් කෙරෙමින් නව ආරකින් රචිත නිර්මාණාත්මක කෙටිකතා එකතුවකි. රචකයා තමන් අත පත් වස්තු බීජය ඉතාම පුළුල් ලෙස නිරීක්ෂණය කරමින්, හෘදය සංවේදී ලෙසින් පාඨක සිත් සතන් ඇද බැඳ ගන්නේ අතිශූර කෙටිකතාකරුවකුගේ නිර්මාණශීලිත්වය විශද කරවමිනි.
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Maa Prathi Maa – මා ප්‍රති. මා
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
Theriyum Kokila – තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.
Madaran – මඩරන්
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
There are no reviews yet.