දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි.ඔහු මා ද ඔසවා විසි කළේය.ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද , ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය.ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත.එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය.මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
Yakada Silpara – යකඩ සිල්පර
රු 800.00 රු 1,000.00
Price Summary
- රු 1,000.00
- රු 800.00
- 20%
- රු 800.00
- Overall you save රු 200.00 (20%) on this product
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
Weight | 330 g |
---|
Be the first to review “Yakada Silpara – යකඩ සිල්පර” Cancel reply
Related Products
Kala Nadee Gala Basee – කාල නදී ගලා බසියි
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Maa Prathi Maa – මා ප්‍රති. මා
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Sahada – සහදා
වන්නියේ උරුමකරුවෙකු වූ සහදා – ප්‍රෙමය වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගයේ සහ වියපත් නොවන ප්‍රෙමයේ මහිමය.
Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
There are no reviews yet.