Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Jaipur sundari – ජායිපූර් සුන්දරී
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්‍රන්ථයකි.
Kande weediya – කන්දෙ වීදිය
19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත්
‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට
සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි.
ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.
Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි
මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Piyasi kawuluwa – පියැසි කවුළුව
2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය
සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද,
උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්
වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති
අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.
Sathkarika – සත්කාරිකා
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.