Shop

(Showing 73 – 96 products of 226 products)

Show:

Sthree Dweshiyage Birinda – ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ

Highlights:

එදිනෙදා සමාජ ජීවිතයේ මතුවන සංසිද්ධින් තේමා කර ගනිමින් ඒ පිළිබඳව ඉතා පුළුල් ලෙසින් විමර්ෂණයට බදුන් කෙරෙමින් නව ආරකින් රචිත නිර්මාණාත්මක කෙටිකතා එකතුවකි. රචකයා තමන් අත පත් වස්තු බීජය ඉතාම පුළුල් ලෙස නිරීක්ෂණය කරමින්, හෘදය සංවේදී ලෙසින් පාඨක සිත් සතන් ඇද බැඳ ගන්නේ අතිශූර කෙටිකතාකරුවකුගේ නිර්මාණශීලිත්වය විශද කරවමිනි.

රු 300.00 20% Off
Currently Not Available For Online Orders

Sansara Bandana – සංසාර බන්ධන

Highlights:

රුදුරු පිළිකා රෝගයකට ගොදුරුව මරණයට දින නියමව සිටි ගුණගරුක සරසවි සිසුවියක සුපේෂල ශික්ෂාකාමී චරිතයක් සමග කායික සබඳතාවයකින් තොරව යහපත් දරු උපතක් පිළිබඳ සිය අපේක්ෂාවන් ජයගත් අයුරු කියැවෙන සංවේදී කතාවකි.

රු 260.00 20% Off

Raja Gedara -රජ ගෙදර

Highlights:

මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Mahabiso Leelawathi – මහබිසෝ ලීලාවතී

Highlights:

ලංකාවේ තෙවරක්ම සිංහාසනයට පත්වූ එකම පාලිකාව වූ ලීලාවතී බිසව සිය පාලන කාලය තුළ දී පරසතුරු ආක්‍රරමණ මෙන්ම වංශික අරගල දේශපාලනයට ද මුහුණ දෙමින් සිදු කළ රාජ්‍ය පාලනය හා සබැඳි විචිත්‍රවත් ඓතිහාසික නවකතාවකි.

රු 360.00 20% Off

Niralambanaya – නිරාලම්බනය

Highlights:

ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර දෝලනය වන සිතිවිලි
මධ්‍යයේ සමාජයේ ගැටලු විචක්ෂණ ඥානයෙන් යුතුව අවබෝධ
කර ගනිමින් ආශාවෙන් මිදුණු ඇලීම්වලින් නිදහස් වීමට වෙර
දරන බුද්ධ පුත්‍රයෙකුගේ හැගීම්බර කතාවයි.

රු 320.00 20% Off
Currently Not Available For Online Orders

Lakshmi nowu lakshmi – ලක්ෂ්මී නොවූ ලක්ෂ්මී

Highlights:

තම බඩ වියත උදෙසා ඩාබිදු හෙළන අසරණියක් කාමාතුරයන්ගේ
ලිංගික සූරාකෑමට එරෙහිව සටන්වැද අවසානයේ මිනීමරු
ස්ත්‍රියක් බවට පත්වීමේ අනුවේදනීය කතාවයි.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

America – ඇමෙරිකා

Highlights:

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.

රු 380.00 20% Off
Currently Not Available For Online Orders

Lena kule maw – ලේන කුලේ මව්

Highlights:

කුරිරු දරිද්‍රතාව, අමන දේශපාලනය හා කුහක සමාජය වෙතින්
එල්ල වූ අනේකවිධ පීඩාවන් උපේකෂා සහගතව විඳ දරාගනිමින්
අනුපමේය දරු සෙනෙහස උදෙසා අභීතව ජීවිතයේ මහගිරිදඹ
තරණය කළ උත්තරීතර මවකගේ අනුවේදනීය කතාවයි.

රු 340.00 20% Off

Gedi siyayak – ගෙඩි සියයක්

Highlights:

නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්‍රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

Piyasi kawuluwa – පියැසි කවුළුව

Highlights:

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය
සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද,
උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්
වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති
අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.

රු 320.00 20% Off

Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී

Highlights:

ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Gal warusa – ගල් වරුසා

Highlights:

සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි
වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස්
රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන
අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.

රු 280.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping