Shop

(Showing 97 – 120 products of 226 products)

Show:

Enu kohi sita – එනු කොහි සිට

Highlights:

මෙම කෘතියෙන් සංග්‍රහ වන්නේ ලේඛකයා අත්ටුදු නෑඹුල්
විසිතුරු ළමා ජීවිතයයි. සොබා සොඳුර චිත්‍රණය වූ එකී ජීවිත තතු
ප්‍රාථමික අධ්‍යයනයේ දී ලද හැඟුම්බර මතක සැමරුම් විස්මයාන්ත
ස්මරණයෙන් ළගන්නා සරල ආකර්ෂණීය බස් වහරින් රසික
සමාජයට පුද දෙන ‘එනු කොහි සිට’ විස්මිත ජීවන අන්දරයකි.

රු 300.00 20% Off

Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස

Highlights:

රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්‍රාහිත යොවුන් නවකතාවකි.

රු 400.00 20% Off

Velikathare kandulu binduwa – වැලිකතරේ කඳුළු බිඳුව

Highlights:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ඇගැයුම්
සහතිකය ලද මෙම ග්‍රන්ථය කතුවරයාගේ 49 වැනි කෘතියයි.
විවිධ අන්තර්ගතයන් හා නව වියමන් සහිත හරවත්, රසවත්
කෙටිකතා දහතුනක එකතුවකි.

රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Jaipur sundari – ජායිපූර් සුන්දරී

Highlights:

කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්‍රන්ථයකි.

රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Wasantha Kunatuwa – වසන්ත කුණාටුව

Highlights:

වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.

රු 400.00 20% Off

Amapen Soyannee – අමාපැන් සොයන්නී

Highlights:

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

රු 400.00 20% Off

Panchassthamba – පංචස්තම්භ

Highlights:

බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.

රු 280.00 20% Off

Mahakanadara Neyo – මහකනදරා නෑයෝ

Highlights:

සෙනග කන්දරාව මහ කනදරා බැම්ම මතින් ආපසු ගියහ. එහෙත්, ගල් පාරවල් දෙක තුනක් වහළයට වැදුණි. සරණපාල දොර ජනෙල් වසා දැමීය. සංවේගයත්, කෝපයත් හතරවිළි ලැජ්ජාවත් ඔහුගේ සිතේ පිටු පෙරළවීය. දෙවගනක මෙන් රූ ඇති ගැහැනිය වෙනුවට දැන් ගෙදර සිටින්නී නිකම්ම ගැහැනියකි. සිය දරුවන් වැදූ ගැහැනිය නොවේ. ලෝචනා නොව තමාට අහිමි වූයේ පුංචිනාය. තමා හා එකට දුක බෙදාගත් දයාබර සුන්දර බිරිඳය. ඈ ක්‍රමයෙන් ලෝචනා බවට පත් වූයේ තමාගෙන් ගිලිහී සුද්දාට ළං වෙමිනි. ඉන්පසු ඈ තුළ වූයේ කොළඹ තාලෙට හැඩ ගැසුන අකීකරු බිරිඳකි. තමාට හැකි වූයේ අන්න ඒ දෙවෙනි ගැහැනියයි. ඔහු ආලින්දයට පැමිණ පඩිය මත වාඩි විය.
තමාගේ කබල් බයිසිකලය පිළිකන්නේ දිරාපත්ව යයි. ජීවිතය ද එසේමය. සියල්ල මළකඩ කා දිරාපත් වෙයි. මිනිසුන්ගේ අපහාස සිනාහඬ, ගල් පහරවල් ටික දිනකින් උන්ටම අමතක වනු ඇත.

රු 340.00 20% Off
Currently Not Available For Online Orders

Madaran – මඩරන්

Highlights:

‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.

රු 380.00 20% Off

Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්

Highlights:

දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්‍ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.

රු 280.00 20% Off

Practical English 5 – ප්‍රායෝගික ඉංග්‍රීසි 5

Highlights:

සරලම කරුණුවලින් ඇරඹී සෙමෙන් සෙමෙන් සංකීර්ණ කරුණු
වෙත ශිෂ්‍යයා ගෙනයන හෙයින්, පොත් පෙළ ඉගෙනගෙන
අවසන්වනවිට ඉංග්‍රීසි භාෂාව පළිබඳ පතළ දැනුමක් ඔබට ලැබේ.

රු 240.00 20% Off

Practical English 3 – ප්‍රායෝගික ඉංග්‍රීසි 3

Highlights:

තනිවම ඉංග්‍රීසි ඉගෙනීමට මෙම පොත්වල සරල කරුණු හා
අභ්‍යාස ඔබට අත්වැලක් වනු ඇත.

රු 240.00 20% Off

Practical English 1 – ප්‍රායෝගික ඉංග්‍රීසි 1

Highlights:

ඉංග්‍රීසි යනු උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට ස්වයං අධ්‍යයනයෙන් මනා නිපුණත්වයක් ලබාගත හැකි තවත් භාෂාවක් මිස, ජය ගත නොහැකි ඉලක්කයක් නොවන බව ප්‍රායෝගිකවම තහවුරු කරන පොත් මාලාවක මුල් පොතයි.

රු 220.00 20% Off

Athurudan Karanno – අතුරුදන් කරන්නෝ

Highlights:

ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්‍රාසය පිරි කතාවකි.

රු 400.00 20% Off

Bauddha Shishtacharaya – බෞද්ධ ශිෂ්ටාචාරය

Highlights:

උසස් පෙළ නව නිර්දේශය යටතේ පෙළගස්වා ඇති මෙම කෘතිය ස්වං අධ්‍යයනය සඳහා ද ප්‍රයොජන්වත් අත්පොතකි.

රු 400.00 20% Off

BRINGING TONY HOME

Highlights:

The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.

රු 400.00 20% Off

Grade 6 Science Part I – 6 ශ්‍රේණිය විද්‍යාව 1 කොටස

Highlights:

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය.

සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

රු 200.00 20% Off

Grade 6 Science Part ii – 6 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Highlights:

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය.

සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.

රු 280.00 20% Off

Grade 7 Science Part i – 7 ශ්‍රේණිය විද්‍යාව i කොටස

Grade 7 Science Part ii – 7 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Grade 8 Science Part ii – 8 ශ්‍රේණිය විද්‍යාව ii කොටස

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping