Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්‍රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්‍රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Dawala Andakaraya – ධවල අන්ධකාරය
ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
Uthpala Tharakawa – උත්පල තාරකාව
සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ෂිවානිගේ ‘ක්‍රිෂ්ණකාලී’
නවකතාවේ සිංහල අනුවාදයයි. ‘උත්පල තාරකාව’ ලාදුරු රෝගයෙන් පීඩා විඳින දෙමාපිය යුවළකට දාව උපන් අති ශෝභමාන රුවැති යෞවනියකගේ ජීවිතය වටා ගොඩනැගෙන අනුවේදනීය කතාවකි.