(Showing 1 – 24 products of 115 products)
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත් එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල් සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි. ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ අමුතු කතාවක විචිත්‍රත්වය පාඨක මනස අවදි කරවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන් නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත් නවකතාවයි.
වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.
1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.
නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.
මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු රසබර නවකතාවකි.
ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්, හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය. මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින් චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in
Shopping cart is empty!
Continue Shopping