Sedha Walauwa – සේද වලව්ව
රු 440.00 රු 550.00
Price Summary
- රු 550.00
- රු 440.00
- 20%
- රු 440.00
- Overall you save රු 110.00 (20%) on this product
ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.
Related Products
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Yakada Silpara – යකඩ සිල්පර
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Sahada – සහදා
වන්නියේ උරුමකරුවෙකු වූ සහදා – ප්‍රෙමය වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගයේ සහ වියපත් නොවන ප්‍රෙමයේ මහිමය.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය































There are no reviews yet.