Translations

(Showing 73 – 87 products of 87 products)

Show:

Meki Nam Maha – මේකි නං මහා…

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 800.00 20% Off
Currently Not Available For Online Orders

Madame Liange Diyaniyo – මැඩම් ලියාන්ගේ දියණියෝ

Highlights:

ඇයට සිනාසීමට සිතිණ. ”මම ඔබේ බිරිඳ වීමට කැමතියි. අපි ගුරුවරයයි ගෝලයයි වගේ හිටිය මේ මාස ගාන තිස්සේම මම ඒ ගැන හිතුවා”යි සතුටින් කෑ ගැසීමට ඇයට සිතිණි. ඔහු ශක්තිමත්, වෙනත් අයට වඩා වෙනස්, චීනය අතහැර පැමිණියත් මුල් ගති සිරිත් වෙනස් නොවී ඇති නිසා ඇයට මහා සතුටක් ඇතිවිය. ඔහු චීනය ගැන සිතමින් ඉංග‍්‍රීසි බස හසුරන්නෙකි. ඇය නිහතමානි ස්වරයෙන් පිළිතුරු දුන්නාය. ”ඔබේ බිරිඳ වෙන එක මට ලොකු ගෞරවයක්”
ඇය පුදුම කරමින් ඔහු තම දකුණත මේසය දිගේ ඈ වෙතට දිගු කළේ ය. ඇගේ දකුණු අත්ල ඔහුගේ අත්ල මත තැබූණි. ඔහුගේ ඇඟිලිවලට ඒ හිරකර ගැනිණි.

රු 1,040.00 20% Off

Dadayakkarayage Horawa – දඩයක්කාරයාගේ හෝරාව

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 1,147.50 15% Off

මැකීගිය දඩමං – Maki Giya Dadaman

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 833.00 15% Off

Un Happy Birth Day! – UN හැපි බර්ත් ඩේ

Highlights:

හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි!
‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’
මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ මොහොතේදී පමණි, ඇගේ නෙත් කඳුළින් බර වූයේ. ඇය එවෙලේ මුහුණ දෝතෙහි හොවාගන වැළපුනේ, එම වැළපුම් හඬ පිටතට නොයවන්නට උත්සාහ ගනිමිනි.
දෙවතාවකදී තම දරුවන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳ මුළු ලොවම සැකකළ ගැනියකගේ අනුවේදනිය කතාව “Un හැපි බර්ත් ඩේ!” ඔබව ත‍්‍රාසයෙන්, කුතුහලයෙන් හා අනුකම්පාවෙන් මුසපත් කරයි…

මේරි හිගින්ස් ක්ලාක්ගේ තවත් ත්‍රාසජනක නවකතාවක්….
දීලිප ජයකොඩිගේ පරිවර්තනයක්.

රු 880.00 20% Off

ලයිල… ලයිල… ලා…! – Laila Laila La

Highlights:

සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය!
ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව
ලයිල…. ලයිල…. ලා….

මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්
දිලීප ජයකොඩි පරිවර්තනයක්.

රු 1,000.00 20% Off

Dhawala Gimhanaya – ධවල ගිම්හානය

Highlights:

දකුණු අපි‍්‍රකානු ලේඛක අන්ද්‍රේ බි‍්‍රන්ක්ගේ A Dry White Season කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි‍්‍රකාවේ කෲර පාලනය යටතේ වූ උග‍්‍ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ්‍ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් තහනම් කරන ලදී.
තම උත්සාහය අත් නොහළ අන්ද්‍රේ බි‍්‍රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද්‍රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි.
රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි‍්‍රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභාවයත් හද කකියවන අයුරින්, ඉතා සංවේදී ලෙසින් මෙම කෘතිය මඟින් නිරාවරණය කෙරේ.
අතුරුදන්වීම් සහ මිනිස් ඝාතන පිළිබඳ යුක්තිය සොයා සටන් වදින අදීන මිනිසෙකුගේ ඛේදජනක ඉරණම, දේශපාලනමය කටුක අත්දැකීම් ලෙසින් අප රටේද ඉතිහාසයට එක්ව ඇති බැවින් ධවල ගිම්හානය සිංහල පාඨකයාට ඉතා හෘද සංවේදී කෘතියක් වනු නොඅනුමානය.

රු 1,360.00 20% Off

Diriya Diyaniya – දිරිය දියණිය

Highlights:

උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත‍්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.

රු 1,000.00 20% Off

හද සක් චාරිකා – Hada Sak Charika

Highlights:

ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්‍යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප‍්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක‍්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත‍්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.

රු 1,400.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping