දේවාන් පෙරළා හෝටලයට එන විට ඉර අවරට යමින් තිබුණි. හෝටලයට ඇතුල් වූ දේවාන්ට බටනලා වාදනයක් ඇසෙන්නට විය. අනුමානයක් නැත බටනළාව වාදනය කරන්නේ ජෙනී විය හැක. ඇය වාදනය කරන්නේ ආදර තාලයක් යැයි දේවාන් සිතුවේය. එහෙත්, ඇය මෙවර වාදනය කරන්නේ බටහිර තාලයක් නොවීම ඔහුට මහත් අරුමයකි. බිම් කළුවර මෝදුවීමත් සමග මහාමාර්ග දෙපසේ වූ පහන් කණුවල වූ විදුලි ලාම්පු දැල්වී ඇත. බටනළා හඬ බොහෝ දුරක සිට දෙසවන් වෙත ළඟා වන්නාක් මෙන් දේවාන්ට ඇසෙන්නේය. ඇය වයන්නේ ඉන්දියානු රාගධාරී සංගීතයට අයත් රාගයකි. දෙසවන වැකෙන රාගය හද කිලිපොළා යන හුදකලාවක් නිර්මාණය කරන්නේ යැයි ඔහුට සිතුණි. උඩුමහල වෙත පියනැඟු දේවාන් කාමරයට ඇතුල් වන්නට ඇති දොර විවර කර තිබෙනු දුටුවේය. විවර කර තිබූ දොරේ උළුවස්සට හේත්තු වී ජෙනී බටනළා වාදනය කරන දෙස ඔහු බලා සිටින්නට විය. පෑන්ටියක් පමණක් ඇඳ සිටි ඇය උඩු කයට දුහුල් රෙද්දකින් මසන ලද සුදුපාට කුරුතාවක් පමණක් ඇඳ සිටියාය. ඇය කාමරය තුළ තැනින් තැන ඉටිපන්දම් දල්වා ඇත. හුදකලාව උද්දීපනය කරමින් වැයෙන රාගයේ ස්වර මාධූර්යයන් සඳලුතයේ අඩ නිරුවතින් පුටුවක් මත අසුන්ගෙන බටනළාව වයන ඇගේ දසුනත් වලාකුළුවලින් තොර වූ විසල් අහස මත පායා ඇති තාරකාත් කිසියම් සංවාදයක නියැළී සිටින්නාක් මෙනි. බටනළා වාදනය අවසන් කළ ඇය රන්වන් පාට බටනළාව මුවමතින් ඉවතට ගෙන උළුවස්සට හේත්තු වී තමා දෙස බලා සිටින දේවාන් දෙස බලා කට කොනකින් සිනාසුණාය.
මගියා – Magiya
රු 1,280.00 රු 1,600.00
Price Summary
- රු 1,600.00
- රු 1,280.00
- 20%
- රු 1,280.00
- Overall you save රු 320.00 (20%) on this product
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
Weight | 640 g |
---|
Be the first to review “මගියා – Magiya” Cancel reply
Related Products
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.
Yakada Silpara – යකඩ සිල්පර
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Recently Viewed
මගියා – Magiya
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
There are no reviews yet.