Weight | 130 g |
---|
මල්දම් පලදවන්නො – Maldam paladanwanno
රු 640.00 රු 800.00
Price Summary
- රු 800.00
- රු 640.00
- 20%
- රු 640.00
- Overall you save රු 160.00 (20%) on this product
Be the first to review “මල්දම් පලදවන්නො – Maldam paladanwanno” Cancel reply
Related Products
මීටර් 100 – 100 Meters
මීටර 100 දුවපු මුදලිහාමි ඔබට මතක ද?
සිංහල පන්ති පොතේ පාඩම් අතර තවමත් මතකයේ ඉන්න මුදලිහාමි.
පරම්පරා ගණනාවක් රසවත් කළ මුදලිහාමි දැන් අලූත් පරම්පරාවන් වෙනුවෙන්.
ඔබේ දුවට, පුතාට අනිවාර්යයෙන් ම අරන් දිය යුතු පොතක්.
ඒ එච් පියසේන ලියූ මීටර 100 සහ තවත් රසවත් කතා එකතුව.
ME BADADANAM BA – මේ බදාදනං බෑ
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්
සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.
Jaipur sundari – ජායිපූර් සුන්දරී
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්රන්ථයකි.
Recently Viewed
ප්‍රේම පුරාණය – Prema Purane
පේ‍්‍රම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රග දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සගරා සහ පොත් ප්රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප්‍රායෝගිකව මැදිහත් කළේය.
පේ‍්‍රම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ ‘විචිත්‍ර’, කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‘ජනපි‍්‍රය සංස්කෘතිය’ පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරවයි.
– ආචාර්ය සරත් අමුණුගම
Athurudan Karanno – අතුරුදන් කරන්නෝ
ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්රාසය පිරි කතාවකි.
Yuddaye Athuru Kathawak – යුද්ධයේ අතුරු කතාවක්
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
Chakrawarthi – චක්‍රවර්ති
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
There are no reviews yet.