Weight | 180 g |
---|
Jaipur sundari – ජායිපූර් සුන්දරී
රු 240.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 240.00
- 20%
- රු 240.00
- Overall you save රු 60.00 (20%) on this product
කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්රන්ථයකි.
Be the first to review “Jaipur sundari – ජායිපූර් සුන්දරී” Cancel reply
Related Products
GAHAKATATH WARIPANAM – ගහකටත් වරිපනම් අංකයක්
සමීප අත්දැකීම් පාදක කර ගනිමින් උපහාසය, හාස්‍ය හා යථාර්ථය නිර්මාණාත්මකව කුළුගැන්වෙන කෙටිකතා එකතුවකි.
ME BADADANAM BA – මේ බදාදනං බෑ
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්
Sithuwamen nerapu kindurek – සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්
ප්රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ
Recently Viewed
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ
ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.
Harry Potter Saha Azkabanhi Sirakaru – හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
There are no reviews yet.