Weight | 465 g |
---|
PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ
රු 440.00 රු 550.00
Price Summary
- රු 550.00
- රු 440.00
- 20%
- රු 440.00
- Overall you save රු 110.00 (20%) on this product
සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්රත්වය පාඨක මනස අවදි කරවයි.
Be the first to review “PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ” Cancel reply
Related Products
Sooriya Kusuma – සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Guwarnika – ගුවර්නිකා
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
There are no reviews yet.