| Weight | 635 g |
|---|
SAKI BARYA – සඛී භාර්යා
රු 1,280.00 රු 1,600.00
Price Summary
- රු 1,600.00
- රු 1,280.00
- 20%
- රු 1,280.00
- Overall you save රු 320.00 (20%) on this product
සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
Be the first to review “SAKI BARYA – සඛී භාර්යා” Cancel reply
Related Products
Guwarnika – ගුවර්නිකා
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Polkichi Premaya – පොල්කිචි ප්‍රේමය
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව.
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Maa Prathi Maa – මා ප්‍රති. මා
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Recently Viewed
UTHPALAWANNA – උත්පලවණ්ණා
උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්‍රතිනිර්මාණය.

































There are no reviews yet.