| Weight | 555 g |
|---|
Sathkarika – සත්කාරිකා
රු 560.00 රු 700.00
Price Summary
- රු 700.00
- රු 560.00
- 20%
- රු 560.00
- Overall you save රු 140.00 (20%) on this product
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.
Be the first to review “Sathkarika – සත්කාරිකා” Cancel reply
Related Products
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Sooriya Kusuma – සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Recently Viewed
Sathkarika – සත්කාරිකා
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.































There are no reviews yet.