(Showing 217 – 240 products of 807 products)
සම්මානනීය සාහිත්‍යධරයාගේ ආන්දෝලනාත්මක නිර්මාණය ලෙස සැලකෙන, 1998 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ තවත් සාහිත්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ටතම නවකතාවේ නවතම මුද්‍රණයයි.
රුදුරු පිළිකා රෝගයකට ගොදුරුව මරණයට දින නියමව සිටි ගුණගරුක සරසවි සිසුවියක සුපේෂල ශික්ෂාකාමී චරිතයක් සමග කායික සබඳතාවයකින් තොරව යහපත් දරු උපතක් පිළිබඳ සිය අපේක්ෂාවන් ජයගත් අයුරු කියැවෙන සංවේදී කතාවකි.
මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්රමයේ දුර්දාන්ත අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු රසබර නවකතාවකි.
ලංකාවේ තෙවරක්ම සිංහාසනයට පත්වූ එකම පාලිකාව වූ ලීලාවතී බිසව සිය පාලන කාලය තුළ දී පරසතුරු ආක්රරමණ මෙන්ම වංශික අරගල දේශපාලනයට ද මුහුණ දෙමින් සිදු කළ රාජ්‍ය පාලනය හා සබැඳි විචිත්‍රවත් ඓතිහාසික නවකතාවකි.
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික, සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
2020 ගොඩගේ සම්මානිත හොදම පරිවර්තන කෘතියයි…..
විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්රරබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිඣිමට සමත් වූ ඞී.එච්. ලෝරන්ස් නව මං සෙවීමෙහි පුරෝගාමී වූ පෙරළිකාර චරිතයකි. ගතානුගතිකත්වයට හා සමාජ සම්මුතීන්ට පිටුපා යමින් තම ජීවන දෘෂ්ටිය සිය නිර්මාණවල චරිතානුසාරයෙන් අභීතවත්, අදීනවත් ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් ඔහුට නොයෙකුත් තහංචි සහ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. නොබියව අදහස් පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්රයේ නිම් වළලූ පුලුල් කිදීමට පෙරමුණ ගත් ලේඛකයන් කීප දෙනා අත˙න් කැපී පෙනෙන ච˙තයක් ලෙසින් ඔහු ඉතිහාසයට එක් වූයේ ඉමහත් ආන්දෝලනාත්මක නිර්මාණ විශ්ව සාහිත්‍යයට මුදාහරිමිනි. ‘විවාහකයා’ කෘතිය තුළින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‍ය තොරතුරු මෙන්ම ඔහුගේ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිබන්ධයන්ගේ චරිත විකාශනය පිළිබඳව ද මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් පාඨකයා ඉදිරියේ නිරාවරණය වෙයි.
Get access to your Orders, Wishlist and Recommendations.
Remember me Lost your password?
Log in
New to Surasa Book Shop Online? Sign up
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
A password will be sent to your email address.
Register
Existing User? Log in