Shop

(Showing 25 – 48 products of 228 products)

Show:

PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්

Highlights:

සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.

රු 280.00 20% Off

VINDITHAYO – වින්දිතයෝ

Highlights:

රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්‍රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Raja Mawatha – රජ මාවත

Highlights:

1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.

රු 380.00 20% Off
Currently Not Available For Online Orders

KADUWE GEDARA MUHANDIRAM – කඩුවේ ගෙදර මුහන්දිරම් සහ සමාගම

Highlights:

කඩුවේගෙදර වලව්වේ උස්මහත් බිත්ති අතර සැඟවී ගිය පරම්පරා ගණනාවක මහේශාක්‍ය ජීවන වෘත්තාන්ත වසාගත් ලේ සහ කඳුළු.

රු 380.00 20% Off

HANDAWEN EHA RAJJE – හැන්දෑවෙන් එහා රාජ්ජේ

Highlights:

සත්‍ය මනුෂ්‍ය අත්දැකීම් හා ජනශ්‍රැතික තොරතුරු පසුබිම් කර ගනිමින් අධි යථාර්ථවාදී රීතිය අනුව ලියැවුණු නවකතාවකි.

රු 280.00 20% Off

BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ

Highlights:

මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.

රු 280.00 20% Off

NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව

Highlights:

එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.

රු 360.00 20% Off
Currently Not Available For Online Orders

Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය

Highlights:

ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හ‍දුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.

රු 280.00 20% Off

HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා

Highlights:

එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්‍ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.

රු 340.00 20% Off
Currently Not Available For Online Orders

Awasan Gamana – අවසන් ගමන

Highlights:

ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි

රු 300.00 20% Off

Chakra Walalla – චක්‍ර වළල්ල

Highlights:

ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්‍රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර්‍ රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර්‍ නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්‍රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.

රු 280.00 20% Off

ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය

Highlights:

චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.

රු 300.00 50% Off

Dawala Andakaraya – ධවල අන්ධකාරය

Highlights:

ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 360.00 20% Off

ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්

Highlights:

වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.

රු 225.00 50% Off

Horata Karakawena Merata Sarasaviya – හොරට කැරකැවෙන මෙරට සරසවිය

Highlights:

මෙරට සරසවි තුළ පවතින විෂමකාරී පරිහානිය යථා පරිදි හැඩගස්වනු පිණිස ලියැවුණු විමර්ශණාත්මක කෘතියකි.

රු 200.00 20% Off
Currently Not Available For Online Orders

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Highlights:

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

රු 360.00 20% Off

Danga Pancha Emilge Thawath Danga Wada – දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ

Highlights:

ළමා මනස සතුට, විනෝදය, සන්ත්‍රාසය හා කුතුහලයෙන්
කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග
කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ
පරිවර්තනයයි.

රු 200.00 20% Off

Danga Pancha Emilge Hapankam – දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

Highlights:

ලොව පතල ළමා කතා කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන් මැවූ එමිල් චරිතය ළමා විය සුරතල් අවධිය ඕනෑම අයකුට සිහිපත් කරවන රසවත් කතා මාලාවකි.

රු 240.00 20% Off

Gini Pupura – ගිනි පුපුර

Highlights:

ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.

රු 360.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping