Shop

(Showing 601 – 624 products of 638 products)

Show:

Un Happy Birth Day! – UN හැපි බර්ත් ඩේ

Highlights:

හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි!
‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’
මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ මොහොතේදී පමණි, ඇගේ නෙත් කඳුළින් බර වූයේ. ඇය එවෙලේ මුහුණ දෝතෙහි හොවාගන වැළපුනේ, එම වැළපුම් හඬ පිටතට නොයවන්නට උත්සාහ ගනිමිනි.
දෙවතාවකදී තම දරුවන් දෙදෙනෙකුගේ අභිරහස් අතුරුදහන් වීම පිළිබඳ මුළු ලොවම සැකකළ ගැනියකගේ අනුවේදනිය කතාව “Un හැපි බර්ත් ඩේ!” ඔබව ත‍්‍රාසයෙන්, කුතුහලයෙන් හා අනුකම්පාවෙන් මුසපත් කරයි…

මේරි හිගින්ස් ක්ලාක්ගේ තවත් ත්‍රාසජනක නවකතාවක්….
දීලිප ජයකොඩිගේ පරිවර්තනයක්.

රු 880.00 20% Off

ඉර්තු – Irthu

Highlights:

2022 රජත පුස්ථක විද්‍යෝදය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සම්මානයන්ගෙන් නිර්දේශිතව
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද අනුරාධා නිල්මිණී කිවිදියගේ නවතම කාව්‍ය සංග්‍රහය.

රු 480.00 20% Off

පැරඩයිස් උඩ අයිස් – Paradise Uda Ice

Highlights:

කුමාර හෙට්ටිආරච්චි කිවියාගේ විවිධ සමාජ අනූභූතීන් විෂය කරගත් නව දෘෂ්ඨිමය කාව්‍ය සංකල්පනා සංග්‍රහය පැරඩයිස් උඩ අයිස්.

රු 480.00 20% Off

Heufant Preme – හියුෆන්ට් ප්‍රේමේ

Highlights:

එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා… කනකට කරාබුවකුත් දාලා… ඉරිච්ච ඩෙනිමයි… ටී ෂර්ට් එකයි… හං සෙරෙප්පු…
ඌ මේකෙ වැඩ කරන එකෙක් බව ෂානා දැනගත්තෙ බිත්තියෙ පැත්තකින් තිබ්බ ඇඟිලි සලකුණු යන්ත්‍රෙට ඇඟිල්ල ඔබපු නිසා…
ඌ නිකං ෂානා දිහා බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ. ෂානට අපහසුවක් දැනුණ… ඌ ඇතුළට ගියා.
ඊට පස්සෙ ආවා තව එකෙක්… හෑන්ඩ්ලුම් සරමක් ඇඳලා… දිග කුර්තාවක් ඇඳලා… සිගරට් එකකුත් බිබී… ඌත් අරකට ඇඟිල්ල එබුව. ‘ඒ කියන්නෙ ඌත් මේකෙ වැඩකරන එකෙක්.’ ෂානා හිතුවා. ‘යකෝ මුං දැන්ද වැඩට එන්නෙ..?’ ඌත් ෂානා දිහා බැලුවෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. ෂානට ආයෙ අපහසුවක් දැනුණා. ඌත් ඇතුළට ගියා.
ත්‍රී ක්වාටර් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගහගෙන කෙල්ලෙක් ආවා. බත් කෙණ්ඩෙ මකරෙක්. ඇඟිල්ල එබුවා… ෂානා දිහා පුදුමෙන් වගේ බැලුවා… ඇතුළට ගියා.
පිළිගැනීමේ කවුන්ටරේ හිටියෙ කෙල්ලෙක්. ඒකි මෙලෝ සිහියක් නැතුව මොනවද කනවා.
ඊට පස්සෙ ආවෙ කොට කලිසමක් ඇඳලා, රබර් සෙරෙප්පු දෙකක් දාලා, කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවාගත්තු බමුණෙක් වගේ එකෙක්. ඌ නිකං චේ ගුවේරා වගේ රතු තරුවක් තියෙන චේ කැප් එකක් දාගෙන හිටියා. මිනිහත් ඇඟිල්ල එබුවා. ෂානා දිහා අමුතු විදිහට බැලුවා. ඇතුළට යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් ෂානත් එක්ක කතා කළා.
“මල්ලි කාව හරි ඉන්ෂුවරන්ස් කරන්නද?”
ෂානා උඩ බිම බැලුවා. ‘ඉන්ෂුවරන්ස් කරන්න?’ ෂානා හිතුවා.
“මල්ලි මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්ද? කාව හම්බවෙන්නද ආවෙ?”

රු 800.00 20% Off

Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි

Highlights:

මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.

රු 560.00 20% Off

SIMPLE SIMON- සිම්පල් සයිමන්

Highlights:

නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.

රු 800.00 20% Off

මීටර් 100 – 100 Meters

Highlights:

මීටර 100 දුවපු මුදලිහාමි ඔබට මතක ද?
සිංහල පන්ති පොතේ පාඩම් අතර තවමත් මතකයේ ඉන්න මුදලිහාමි.
පරම්පරා ගණනාවක් රසවත් කළ මුදලිහාමි දැන් අලූත් පරම්පරාවන් වෙනුවෙන්.
ඔබේ දුවට, පුතාට අනිවාර්යයෙන් ම අරන් දිය යුතු පොතක්.
ඒ එච් පියසේන ලියූ මීටර 100 සහ තවත් රසවත් කතා එකතුව.

රු 560.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping