Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි
මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.
SIMPLE SIMON- සිම්පල් සයිමන්
නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.
Diriya Diyaniya – දිරිය දියණිය
උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත‍්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.
ප්‍රේමසුත්‍ර – Premasutra
‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’
ප්‍රේම පුරාණය – Prema Purane
පේ‍්‍රම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රග දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සගරා සහ පොත් ප‍්‍රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්‍රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප‍්‍රායෝගිකව මැදිහත් කළේය.
පේ‍්‍රම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ ‘විචිත‍්‍ර’, කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‘ජනපි‍්‍රය සංස්කෘතිය’ පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග‍්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප‍්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග‍්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරවයි.
– ආචාර්ය සරත් අමුණුගම