Shop

(Showing 73 – 96 products of 625 products)

Show:

HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා

Highlights:

එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්‍ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.

රු 340.00 20% Off

Amityville – ඇමිටිවිලා

Highlights:

1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.

රු 640.00 20% Off
Currently Not Available For Online Orders

PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ

Highlights:

සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්‍රත්වය පාඨක මනස අවදි කරවයි.

රු 440.00 20% Off

Ata Gehiyan – ඇට ගැහියං

Highlights:

ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ Thinner පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.

රු 1,120.00 20% Off
Currently Not Available For Online Orders

Awasan Gamana – අවසන් ගමන

Highlights:

ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි

රු 300.00 20% Off

Chakra Walalla – චක්‍ර වළල්ල

Highlights:

ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්‍රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර්‍ රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර්‍ නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්‍රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.

රු 280.00 20% Off

ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය

Highlights:

චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.

රු 300.00 50% Off

SAKI BARYA – සඛී භාර්යා

Highlights:

සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

රු 1,280.00 20% Off

Dawala Andakaraya – ධවල අන්ධකාරය

Highlights:

ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 360.00 20% Off

ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්

Highlights:

වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.

රු 225.00 50% Off

Horata Karakawena Merata Sarasaviya – හොරට කැරකැවෙන මෙරට සරසවිය

Highlights:

මෙරට සරසවි තුළ පවතින විෂමකාරී පරිහානිය යථා පරිදි හැඩගස්වනු පිණිස ලියැවුණු විමර්ශණාත්මක කෘතියකි.

රු 200.00 20% Off

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Highlights:

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

රු 1,320.00 20% Off
Currently Not Available For Online Orders

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Highlights:

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

රු 360.00 20% Off

Heidi – හයිඩි

Highlights:

ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා
පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ
සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා
කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින්
සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.

රු 800.00 20% Off

Danga Pancha Emilge Thawath Danga Wada – දඟ පැංචා ඒමිල්ගේ තවත් දඟ වැඩ

Highlights:

ළමා මනස සතුට, විනෝදය, සන්ත්‍රාසය හා කුතුහලයෙන්
කුල්මත් කරවන දග පැංචා ඒමිල්ගේ තවත් දග වැඩ, දග
කතා මාලාවේ දෙවන කෘතිය වන ‘Emil’s Pranks’කෘතියේ
පරිවර්තනයයි.

රු 200.00 20% Off

Danga Pancha Emilge Hapankam – දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

Highlights:

ලොව පතල ළමා කතා කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන් මැවූ එමිල් චරිතය ළමා විය සුරතල් අවධිය ඕනෑම අයකුට සිහිපත් කරවන රසවත් කතා මාලාවකි.

රු 240.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart