Novels

(Showing 25 – 48 products of 166 products)

Show:
Currently Not Available For Online Orders

PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ

Highlights:

සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්‍රත්වය පාඨක මනස අවදි කරවයි.

රු 440.00 20% Off

Indumathi – ඉන්දුමතී

Highlights:

අතිශය චමත්කාරයකින් පාඨක සිත් පුරවාලමින් ජීවිත යථාර්ථය හඳුනා ගැනීමට කවුළු විවර කරන කෙටිකතා සංග්‍රහය.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

Sathkarika – සත්කාරිකා

Highlights:

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.

රු 560.00 20% Off

Achala – අචලා

Highlights:

රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.

රු 300.00 20% Off

Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ

Highlights:

මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්‍රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.

රු 340.00 20% Off

Sakkaran – සක්කාරං

Highlights:

මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.

රු 640.00 20% Off

Sthree Dweshiyage Birinda – ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ

Highlights:

එදිනෙදා සමාජ ජීවිතයේ මතුවන සංසිද්ධින් තේමා කර ගනිමින් ඒ පිළිබඳව ඉතා පුළුල් ලෙසින් විමර්ෂණයට බදුන් කෙරෙමින් නව ආරකින් රචිත නිර්මාණාත්මක කෙටිකතා එකතුවකි. රචකයා තමන් අත පත් වස්තු බීජය ඉතාම පුළුල් ලෙස නිරීක්ෂණය කරමින්, හෘදය සංවේදී ලෙසින් පාඨක සිත් සතන් ඇද බැඳ ගන්නේ අතිශූර කෙටිකතාකරුවකුගේ නිර්මාණශීලිත්වය විශද කරවමිනි.

රු 300.00 20% Off

Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව

Highlights:

වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.

රු 600.00 20% Off

Sansararanyaye Dadayakkaraya – සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Highlights:

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා
සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ
මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.

රු 560.00 20% Off

Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ

Highlights:

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට
පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය
වන කෙටි නවකතාවකි.

රු 720.00 20% Off

Suba Saha Yasa – සුබ සහ යස

Highlights:

යසලාලකතිස්ස රජුගේ ප්‍රකට කතාව ඇසුරෙන් රචිත, 1970
දශකයේ සිට සිංහල නාට්‍ය රසිකයනට ඉමහත් ආස්වාදයක්
ලබාදෙන සුබ සහ යස ප්‍රබල දේශපාලන නාට්‍යයේ පිටපත.

රු 160.00 20% Off

Swarnawanniye Walli Ammala – ස්වර්ණ්වන්නියේ වල්ලි අම්මලා

Highlights:

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක
නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන
දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.

රු 800.00 20% Off

Sansararanyaye Urumakkaraya – සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම
කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව
සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

රු 480.00 20% Off

Sansara Bandana – සංසාර බන්ධන

Highlights:

රුදුරු පිළිකා රෝගයකට ගොදුරුව මරණයට දින නියමව සිටි ගුණගරුක සරසවි සිසුවියක සුපේෂල ශික්ෂාකාමී චරිතයක් සමග කායික සබඳතාවයකින් තොරව යහපත් දරු උපතක් පිළිබඳ සිය අපේක්ෂාවන් ජයගත් අයුරු කියැවෙන සංවේදී කතාවකි.

රු 260.00 20% Off

Raja Gedara -රජ ගෙදර

Highlights:

මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Mahabiso Leelawathi – මහබිසෝ ලීලාවතී

Highlights:

ලංකාවේ තෙවරක්ම සිංහාසනයට පත්වූ එකම පාලිකාව වූ ලීලාවතී බිසව සිය පාලන කාලය තුළ දී පරසතුරු ආක්‍රරමණ මෙන්ම වංශික අරගල දේශපාලනයට ද මුහුණ දෙමින් සිදු කළ රාජ්‍ය පාලනය හා සබැඳි විචිත්‍රවත් ඓතිහාසික නවකතාවකි.

රු 360.00 20% Off

Niralambanaya – නිරාලම්බනය

Highlights:

ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර දෝලනය වන සිතිවිලි
මධ්‍යයේ සමාජයේ ගැටලු විචක්ෂණ ඥානයෙන් යුතුව අවබෝධ
කර ගනිමින් ආශාවෙන් මිදුණු ඇලීම්වලින් නිදහස් වීමට වෙර
දරන බුද්ධ පුත්‍රයෙකුගේ හැගීම්බර කතාවයි.

රු 320.00 20% Off

Sedha Walauwa – සේද වලව්ව

Highlights:

ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Wasana dineki meka – වාසනා දිනේකි මේක

Highlights:

ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්‍රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Lakshmi nowu lakshmi – ලක්ෂ්මී නොවූ ලක්ෂ්මී

Highlights:

තම බඩ වියත උදෙසා ඩාබිදු හෙළන අසරණියක් කාමාතුරයන්ගේ
ලිංගික සූරාකෑමට එරෙහිව සටන්වැද අවසානයේ මිනීමරු
ස්ත්‍රියක් බවට පත්වීමේ අනුවේදනීය කතාවයි.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

America – ඇමෙරිකා

Highlights:

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.

රු 380.00 20% Off
Currently Not Available For Online Orders

Lena kule maw – ලේන කුලේ මව්

Highlights:

කුරිරු දරිද්‍රතාව, අමන දේශපාලනය හා කුහක සමාජය වෙතින්
එල්ල වූ අනේකවිධ පීඩාවන් උපේකෂා සහගතව විඳ දරාගනිමින්
අනුපමේය දරු සෙනෙහස උදෙසා අභීතව ජීවිතයේ මහගිරිදඹ
තරණය කළ උත්තරීතර මවකගේ අනුවේදනීය කතාවයි.

රු 340.00 20% Off

Gedi siyayak – ගෙඩි සියයක්

Highlights:

නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්‍රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.

රු 280.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping