Piyasi kawuluwa – පියැසි කවුළුව
2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය
සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද,
උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්
වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති
අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.
Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී
ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.
Gal warusa – ගල් වරුසා
සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි
වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස්
රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන
අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.
Enu kohi sita – එනු කොහි සිට
මෙම කෘතියෙන් සංග්‍රහ වන්නේ ලේඛකයා අත්ටුදු නෑඹුල්
විසිතුරු ළමා ජීවිතයයි. සොබා සොඳුර චිත්‍රණය වූ එකී ජීවිත තතු
ප්‍රාථමික අධ්‍යයනයේ දී ලද හැඟුම්බර මතක සැමරුම් විස්මයාන්ත
ස්මරණයෙන් ළගන්නා සරල ආකර්ෂණීය බස් වහරින් රසික
සමාජයට පුද දෙන ‘එනු කොහි සිට’ විස්මිත ජීවන අන්දරයකි.
Velikathare kandulu binduwa – වැලිකතරේ කඳුළු බිඳුව
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ඇගැයුම්
සහතිකය ලද මෙම ග්‍රන්ථය කතුවරයාගේ 49 වැනි කෘතියයි.
විවිධ අන්තර්ගතයන් හා නව වියමන් සහිත හරවත්, රසවත්
කෙටිකතා දහතුනක එකතුවකි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
Mahakanadara Neyo – මහකනදරා නෑයෝ
සෙනග කන්දරාව මහ කනදරා බැම්ම මතින් ආපසු ගියහ. එහෙත්, ගල් පාරවල් දෙක තුනක් වහළයට වැදුණි. සරණපාල දොර ජනෙල් වසා දැමීය. සංවේගයත්, කෝපයත් හතරවිළි ලැජ්ජාවත් ඔහුගේ සිතේ පිටු පෙරළවීය. දෙවගනක මෙන් රූ ඇති ගැහැනිය වෙනුවට දැන් ගෙදර සිටින්නී නිකම්ම ගැහැනියකි. සිය දරුවන් වැදූ ගැහැනිය නොවේ. ලෝචනා නොව තමාට අහිමි වූයේ පුංචිනාය. තමා හා එකට දුක බෙදාගත් දයාබර සුන්දර බිරිඳය. ඈ ක්‍රමයෙන් ලෝචනා බවට පත් වූයේ තමාගෙන් ගිලිහී සුද්දාට ළං වෙමිනි. ඉන්පසු ඈ තුළ වූයේ කොළඹ තාලෙට හැඩ ගැසුන අකීකරු බිරිඳකි. තමාට හැකි වූයේ අන්න ඒ දෙවෙනි ගැහැනියයි. ඔහු ආලින්දයට පැමිණ පඩිය මත වාඩි විය.
තමාගේ කබල් බයිසිකලය පිළිකන්නේ දිරාපත්ව යයි. ජීවිතය ද එසේමය. සියල්ල මළකඩ කා දිරාපත් වෙයි. මිනිසුන්ගේ අපහාස සිනාහඬ, ගල් පහරවල් ටික දිනකින් උන්ටම අමතක වනු ඇත.
Madaran – මඩරන්
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.