දේවාන් පෙරළා හෝටලයට එන විට ඉර අවරට යමින් තිබුණි. හෝටලයට ඇතුල් වූ දේවාන්ට බටනලා වාදනයක් ඇසෙන්නට විය. අනුමානයක් නැත බටනළාව වාදනය කරන්නේ ජෙනී විය හැක. ඇය වාදනය කරන්නේ ආදර තාලයක් යැයි දේවාන් සිතුවේය. එහෙත්, ඇය මෙවර වාදනය කරන්නේ බටහිර තාලයක් නොවීම ඔහුට මහත් අරුමයකි. බිම් කළුවර මෝදුවීමත් සමග මහාමාර්ග දෙපසේ වූ පහන් කණුවල වූ විදුලි ලාම්පු දැල්වී ඇත. බටනළා හඬ බොහෝ දුරක සිට දෙසවන් වෙත ළඟා වන්නාක් මෙන් දේවාන්ට ඇසෙන්නේය. ඇය වයන්නේ ඉන්දියානු රාගධාරී සංගීතයට අයත් රාගයකි. දෙසවන වැකෙන රාගය හද කිලිපොළා යන හුදකලාවක් නිර්මාණය කරන්නේ යැයි ඔහුට සිතුණි. උඩුමහල වෙත පියනැඟු දේවාන් කාමරයට ඇතුල් වන්නට ඇති දොර විවර කර තිබෙනු දුටුවේය. විවර කර තිබූ දොරේ උළුවස්සට හේත්තු වී ජෙනී බටනළා වාදනය කරන දෙස ඔහු බලා සිටින්නට විය. පෑන්ටියක් පමණක් ඇඳ සිටි ඇය උඩු කයට දුහුල් රෙද්දකින් මසන ලද සුදුපාට කුරුතාවක් පමණක් ඇඳ සිටියාය. ඇය කාමරය තුළ තැනින් තැන ඉටිපන්දම් දල්වා ඇත. හුදකලාව උද්දීපනය කරමින් වැයෙන රාගයේ ස්වර මාධූර්යයන් සඳලුතයේ අඩ නිරුවතින් පුටුවක් මත අසුන්ගෙන බටනළාව වයන ඇගේ දසුනත් වලාකුළුවලින් තොර වූ විසල් අහස මත පායා ඇති තාරකාත් කිසියම් සංවාදයක නියැළී සිටින්නාක් මෙනි. බටනළා වාදනය අවසන් කළ ඇය රන්වන් පාට බටනළාව මුවමතින් ඉවතට ගෙන උළුවස්සට හේත්තු වී තමා දෙස බලා සිටින දේවාන් දෙස බලා කට කොනකින් සිනාසුණාය.
මගියා – Magiya
රු 1,280.00 රු 1,600.00
Price Summary
- රු 1,600.00
- රු 1,280.00
- 20%
- රු 1,280.00
- Overall you save රු 320.00 (20%) on this product
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
Weight | 640 g |
---|
Be the first to review “මගියා – Magiya” Cancel reply
Related Products
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Kala Nadee Gala Basee – කාල නදී ගලා බසියි
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Sooriya Kusuma – සූරිය කුසුම
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Sura Asura Yamaya – සුර අසුර යාමය
‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Ikbithiwa Ohu Marapeeha – ඉක්බිති ඔහු මරාපීහ
මෙරට ආන්දෝලනාත්මක දේශපාලන ඝාතනයක් වූ අගමැති
බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට අදාළ සියලුම චරිත පසුබිම්
කරගනිමින් රචිත මෙම නවකතාව ඉතා ආකර්ෂණීය ලෙසින්
පාඨක මනස තුළ චිත්රණය කෙරෙයි. 2017 ගොඩගේ සාහිත්‍ය
සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාවයි.
Maa Prathi Maa – මා ප්‍රති. මා
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
Recently Viewed
Gedi siyayak – ගෙඩි සියයක්
නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
Tharagaye Weeraya – තරගයේ වීරයා
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Kelani Purawatha ha Kiribathgoda Rohal Pawatha – කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල් පවත
ග්‍රාමීය ප්‍රජා සංවිධානයක මූලිකත්වයෙන් ඇරඹී දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවී, රජයේ මහ රෝහලක් දක්වා වැඩි දියුණු වූ කිරිබත්ගොඩ මහ රෝහල පිළිබඳ නිධාන කතාව සහ කැලණි පුරවරය ආශි‍්‍රත සමාජ කි‍්‍රයාකාරකයන්, පුද්ගලයන්, ප්‍රකට ව්‍යාපාරිකයන්, උගතුන් හා බුද්ධිමතුන්ගේ අප්‍රකට තොරතුරු හා එම ප්‍රදේශයට ආවේනිකව පවතින කාර්මික ව්‍යාපාර හා නිෂ්පාදන කාර්යයන් පිළිබඳ සමාජ තොරතුරු ඇතුළත් විශ්ලේෂණාත්මක කෘතියකි.
There are no reviews yet.