Weight | 445 g |
---|
Wasana dineki meka – වාසනා දිනේකි මේක
රු 440.00 රු 550.00
Price Summary
- රු 550.00
- රු 440.00
- 20%
- රු 440.00
- Overall you save රු 110.00 (20%) on this product
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.
Be the first to review “Wasana dineki meka – වාසනා දිනේකි මේක” Cancel reply
Related Products
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Maa Prathi Maa – මා ප්‍රති. මා
1971 කැරලිකාර දේශපාලන ප්‍රවාහය ඔස්සේ සමාජගත වූ විවිධ සංවිධාන හා සමාජ ක්‍රියාකාරී චරිත ඔස්සේ දෝලනය වන මෙම කතාව මෙරට දේශපාලන, සමාජ ක්‍රියාන්විතයේ අවලස්සන පැතිකඩ කීපයක් නිරාවරණය කරයි.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Kala Nadee Gala Basee – කාල නදී ගලා බසියි
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
There are no reviews yet.