Shop

(Showing 241 – 264 products of 746 products)

Show:

Niralambanaya – නිරාලම්බනය

Highlights:

ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර දෝලනය වන සිතිවිලි
මධ්‍යයේ සමාජයේ ගැටලු විචක්ෂණ ඥානයෙන් යුතුව අවබෝධ
කර ගනිමින් ආශාවෙන් මිදුණු ඇලීම්වලින් නිදහස් වීමට වෙර
දරන බුද්ධ පුත්‍රයෙකුගේ හැගීම්බර කතාවයි.

රු 320.00 20% Off

Sedha Walauwa – සේද වලව්ව

Highlights:

ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Wasana dineki meka – වාසනා දිනේකි මේක

Highlights:

ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්‍රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Lakshmi nowu lakshmi – ලක්ෂ්මී නොවූ ලක්ෂ්මී

Highlights:

තම බඩ වියත උදෙසා ඩාබිදු හෙළන අසරණියක් කාමාතුරයන්ගේ
ලිංගික සූරාකෑමට එරෙහිව සටන්වැද අවසානයේ මිනීමරු
ස්ත්‍රියක් බවට පත්වීමේ අනුවේදනීය කතාවයි.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

America – ඇමෙරිකා

Highlights:

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.

රු 380.00 20% Off
Currently Not Available For Online Orders

Lena kule maw – ලේන කුලේ මව්

Highlights:

කුරිරු දරිද්‍රතාව, අමන දේශපාලනය හා කුහක සමාජය වෙතින්
එල්ල වූ අනේකවිධ පීඩාවන් උපේකෂා සහගතව විඳ දරාගනිමින්
අනුපමේය දරු සෙනෙහස උදෙසා අභීතව ජීවිතයේ මහගිරිදඹ
තරණය කළ උත්තරීතර මවකගේ අනුවේදනීය කතාවයි.

රු 340.00 20% Off

Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව

Highlights:

අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.

රු 150.00 50% Off

Gedi siyayak – ගෙඩි සියයක්

Highlights:

නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්‍රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.

රු 280.00 20% Off

Piyasi kawuluwa – පියැසි කවුළුව

Highlights:

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය
සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද,
උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්
වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති
අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.

රු 320.00 20% Off

Kande weediya – කන්දෙ වීදිය

Highlights:

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත්
‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට
සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි.
ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.

Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී

Highlights:

ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Gal warusa – ගල් වරුසා

Highlights:

සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි
වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස්
රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන
අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.

රු 280.00 20% Off

Enu kohi sita – එනු කොහි සිට

Highlights:

මෙම කෘතියෙන් සංග්‍රහ වන්නේ ලේඛකයා අත්ටුදු නෑඹුල්
විසිතුරු ළමා ජීවිතයයි. සොබා සොඳුර චිත්‍රණය වූ එකී ජීවිත තතු
ප්‍රාථමික අධ්‍යයනයේ දී ලද හැඟුම්බර මතක සැමරුම් විස්මයාන්ත
ස්මරණයෙන් ළගන්නා සරල ආකර්ෂණීය බස් වහරින් රසික
සමාජයට පුද දෙන ‘එනු කොහි සිට’ විස්මිත ජීවන අන්දරයකි.

රු 300.00 20% Off

Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස

Highlights:

රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්‍රාහිත යොවුන් නවකතාවකි.

රු 400.00 20% Off

Velikathare kandulu binduwa – වැලිකතරේ කඳුළු බිඳුව

Highlights:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ඇගැයුම්
සහතිකය ලද මෙම ග්‍රන්ථය කතුවරයාගේ 49 වැනි කෘතියයි.
විවිධ අන්තර්ගතයන් හා නව වියමන් සහිත හරවත්, රසවත්
කෙටිකතා දහතුනක එකතුවකි.

රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Jaipur sundari – ජායිපූර් සුන්දරී

Highlights:

කතුවරයාගේ දෙවැනි කෙටිකතා එකතුවයි. පාඨකයා නවමු අත්දැකීම් රාශියක් කරා යොමු කරවන එකකට එකක් වෙනස් විවිධ අනුභූතින් විෂය කොටගත් අරුත්බර, රසාලිප්ත කෙටිකතා 10ක් අඩංගු, විචාරක පැසසුමට ලක්වූ ග්‍රන්ථයකි.

රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Wasantha Kunatuwa – වසන්ත කුණාටුව

Highlights:

වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.

රු 400.00 20% Off

Amapen Soyannee – අමාපැන් සොයන්නී

Highlights:

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

රු 400.00 20% Off

MODAYO MARETHI – මෝඩයෝ මැරෙති

Highlights:

ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.

රු 2,160.00 20% Off
Currently Not Available For Online Orders

Sisilagni – සිසිලාග්නි

Highlights:

ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.

රු 520.00 20% Off

Nirgami – නිර්ගාමී

Highlights:

විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.

රු 640.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping