Shop

(Showing 97 – 120 products of 168 products)

Show:

Adara Ankura – ආදර අංකුර

Highlights:

සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.

රු 1,360.00 20% Off

Bhana Kusum – බාණ කුසුම්

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 807.50 15% Off
Currently Not Available For Online Orders

Nil Katrol – නිල් කට්රෝල්

Highlights:

ප්‍රකාශනය – බිසෝ ප්‍රකාශකයෝ

රු 1,402.50 15% Off

Ram – රාම

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 1,530.00 15% Off

Raavan – රාවණ

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 1,530.00 15% Off

Sita – සීතා

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 1,530.00 15% Off

Ves – වෙස්

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 1,020.00 15% Off
Currently Not Available For Online Orders

Sihasun Satana – සිහසුන් සටන

Highlights:

ප්‍රකාශනය – ආශිර්වාද ප්‍රකාශකයෝ

රු 1,615.00 15% Off

මගියා – Magiya

Highlights:

කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…

රු 880.00 20% Off

Kelani Purawatha ha Kiribathgoda Rohal Pawatha – කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල් පවත

Highlights:

ග‍්‍රාමීය ප‍්‍රජා සංවිධානයක මූලිකත්වයෙන් ඇරඹී දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවී, රජයේ මහ රෝහලක් දක්වා වැඩි දියුණු වූ කිරිබත්ගොඩ මහ රෝහල පිළිබඳ නිධාන කතාව සහ කැලණි පුරවරය ආශි‍්‍රත සමාජ කි‍්‍රයාකාරකයන්, පුද්ගලයන්, ප‍්‍රකට ව්‍යාපාරිකයන්, උගතුන් හා බුද්ධිමතුන්ගේ අප‍්‍රකට තොරතුරු හා එම ප‍්‍රදේශයට ආවේනිකව පවතින කාර්මික ව්‍යාපාර හා නිෂ්පාදන කාර්යයන් පිළිබඳ සමාජ තොරතුරු ඇතුළත් විශ්ලේෂණාත්මක කෘතියකි.

රු 6,000.00 20% Off

THUN MOLLU (3 Idiots) තුන් මොල්ලු

Highlights:

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

රු 880.00 20% Off

Panduru Bandina gas – පඬුරු බඳින ගස්

Highlights:

ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.

රු 1,120.00 20% Off
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders

Loveena – ලොවීනා

Highlights:

බිසෝ ප්‍රකාශන

රු 1,402.50 15% Off

Annapoorna – අන්නාපූර්ණා

Highlights:

1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.

රු 800.00 20% Off

කොන්ෆියුසියස්ගේ සුභාෂිත – CONFUCIUS GE SUBHASHITHA (THE ANALECTS OF CONFUCIUS)

Highlights:

දේශය කැලඹූ සංක‍්‍රාන්ති යුගයක් වූ වසන්ත හා සරත් යුගයෙහි (කි‍්‍ර.පූ.770-476) අග භාගයේ චීනයෙහි ජීවත් වූ කොන්ෆියුසියස්තුමා එම දේශයෙහි චින්තනය හා ආචාර විචාර පද්ධතිය ද බලවත් වෙනසකට පත් කළ ශ්‍රේෂ්ඨ චින්තකයකු මෙන් ම අධ්‍යාපනඥයකු ද වූයේ ය.
එතුමා විසින් ආරම්භ කරන ලද ‘කොන්ෆියුසියානු වාදය’ චීන සංස්කෘතියේ කේන්ද්‍රය මෙන්ම චීනයේ විශිෂ්ටතම සම්ප‍්‍රදායවල නියෝජිතයා ද වන්නේ ය.
කොන්ෆියුසියස්තුමා විසින් ඉදිරිපත් කරන ලද චින්තනයෙහි අන්තර්ගත භාෂිත හා කි‍්‍රයා ප‍්‍රධාන වශයෙන් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ යන කෘතියෙහි අන්තර්ගත වන්නේ ය.
කොන්ෆියුසියස්තුමාගේ චින්තනය චීනයට ම පමණක් සීමා නොවන්නක් වන අතර එය සමස්ත ලෝකයේ ම උරුමයක් බවට පත්ව ඇත්තේ ය. එතුමාගේ දර්ශනය වඩාත් සංක්ෂිප්ත කළහොත් එමගින් කියැවෙන්නේ, ‘යහසාධකභාවය හා යුක්තිය වැනි සද්චර්යා පවතින විට පෘථිවියේ යුද්ධයක් ඇති නොවන්නේ ය’ යන්න ය. නෝබල් ත්‍යාගලාභී විද්වතුන් හැත්තෑපස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ පිළිබඳව කළ සාකච්ඡුාවක දී ඉදිරිපත්වූ නිගමනය වූයේ, මනුෂ්‍ය වර්ගයාට ඉදිරියට පවතින්නට අවශ්‍ය වන්නේ නම් කොන්ෆියුසියස්ගේ බුද්ධිය අවබෝධ කර ගන්නට ශතවර්ෂ විසිපහක් ආපස්සට යා යුතු බව ය.’

රු 1,400.00 20% Off

දියකැටපහණ – Diyaketapahana

Highlights:

සිංහල බසින් සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ගැන කියවන්නට කැමති අය වෙනුවෙන් එළි දැක්වුණ පොත් ප‍්‍රමාණය නම් ඉතාම අල්පය.
අවුරුදු 20 කට වැඩි කාලයක් සිසිර දිසානායක ඉංජිනේරුවරයා ශී‍්‍ර ලංකාවේ දී ලබාගත් දැනුමත්, පළපුරුද්දත් ඇසුරින් ලියූ ග‍්‍රන්ථයකි, දියකැටපහණ කෘතිය. මෙවැනි ග‍්‍රන්ථයක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ උසස් දැනුමක්, පළපුරුද්දක්, උනන්දුවක් ඇති අයට පමණකි.
සිවිල් ඉංණිනේරු ක්ෂේත‍්‍රයේ ඇති සංකීර්ණ තාක්ෂණයන් ඉතා සරලව ඉදිරිපත් කිරීම මේ ග‍්‍රන්ථයේ විශේෂත්වයකි. සරලව පැහැදිලි කිරීම සඳහා සිසිර උපයෝගී කරගන්නේ තමන්ගේ රූපසටහන් සහ ඒවා මත තබනා කෙටි සටහන් ය. මේ දේවල් දකිනා විට සිහිපත් වෙන්නේ ලෙනාඩෝ ඩා වින්සි විද්වතාණන් පිළියෙල කර ලෝකයට දායාද කළ සටහන් ඇතුළත් චිත‍්‍රයි.
සරලව පැහැදිලි කිරීමට සිසිර දිසානායකට ඇති ලේඛන හැකියාවත්, ඇඳීමේ හැකියාවත් දීයකැටපහණ කියවන අයගේ වාසියට සහ පහසුවට හේතු වෙයි. අපගේ ඉතිහාසය වගේම ලෝකයේ ඉතිහාසය තුළ කියවෙන සිවිල් ඉංණිනේරු ඉදිකිරීම් ගැන සිසිරගේ ඇති උනන්දුව ද කියවන්නාට තවත් අතකින් දැනුම ළං කර දෙයි.

මෙම පොත A4 ප්‍රමාණයේ පිටු 250කින් සමන්විතය.

රු 1,400.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping