Novels

(Showing 25 – 48 products of 146 products)

Show:

Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව

Highlights:

වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.

රු 600.00 20% Off

Sandya Saha Vindya – සන්ධ්‍යා සහ වින්ධ්‍යා

Highlights:

සයිමන් නවගත්තේගමයන්ගේ, නොපළ කෘතියක් වූ ‘සන්ධ්‍යා
සහ වින්ධ්‍යා’ නිඹුල් සොහොයුරියන් දෙදෙනෙකු කේන්ද්‍ර
කොටගත් නව ආරක නවකතාවකි.

රු 1,200.00 20% Off

Sansararanyaye Dadayakkaraya – සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Highlights:

වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා
සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ
මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.

රු 560.00 20% Off

Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ

Highlights:

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට
පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය
වන කෙටි නවකතාවකි.

රු 720.00 20% Off

Suddilage Kathawa – සුද්දීලාගේ කතාව

Highlights:

ස්ත්‍රීන් තුළ වන සරාගි සුකුමාරත්වයෙන් සපිරිව සිදාදියෙන් ගමට
ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකාවන්ගේ විෂම
චර්යාවන් නිරූපණය කරන නවකතාවකි.

රු 1,080.00 20% Off

Swarnawanniye Walli Ammala – ස්වර්ණ්වන්නියේ වල්ලි අම්මලා

Highlights:

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවිගෙවන ගාඩි රැහක
නාම්බ-නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන
දිවිපෙවෙත ඇසුරින් රචිත කෘතියකි.

රු 800.00 20% Off

Sansararanyaye Urumakkaraya – සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Highlights:

සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම
කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව
සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.

රු 480.00 20% Off

Sansararannyaye Asabada – සංසාරාරණ්‍යයේ අසබඩ

Highlights:

සම්මානනීය සාහිත්‍යධරයාගේ ආන්දෝලනාත්මක නිර්මාණය
ලෙස සැලකෙන, 1998 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ තවත්
සාහිත්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ටතම නවකතාවේ නවතම
මුද්‍රණයයි.

රු 1,520.00 20% Off

Raja Gedara -රජ ගෙදර

Highlights:

මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.

රු 400.00 20% Off

Sedha Walauwa – සේද වලව්ව

Highlights:

ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Wasana dineki meka – වාසනා දිනේකි මේක

Highlights:

ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්‍රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.

රු 440.00 20% Off

Kande weediya – කන්දෙ වීදිය

Highlights:

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත්
‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට
සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි.
ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.

Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී

Highlights:

ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Sisilagni – සිසිලාග්නි

Highlights:

ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.

රු 520.00 20% Off

Nirgami – නිර්ගාමී

Highlights:

විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.

රු 640.00 20% Off

Chakrawarthi – චක්‍රවර්ති

Highlights:

සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.

රු 1,120.00 20% Off

Sapekshani – සාපේක්ෂණි

Highlights:

වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.

Currently Not Available For Online Orders

Adaraneeya Victoria – ආදරණිය වික්ටෝරියා

Highlights:

ප්‍රකාශනය – බිසෝ ප්‍රකාශන

රු 1,190.00 15% Off
Currently Not Available For Online Orders

Colombo – කලම්බො

Highlights:

ප්‍රකාශනය – බිසෝ ප්‍රකාශන

 

රු 1,147.50 15% Off
Currently Not Available For Online Orders

I.D. – අයි.ඩී.

Highlights:

ප්‍රකාශනය – බිසෝ ප්‍රකාශන

 

 

රු 1,360.00 15% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping